සීතාවක රාජධානිය මායදුන්නේ හා රාජසිංහ යන රණකාමී වීරවරයන්ගේ රුධිරය හා දහදියේ ප්‍රථිපලයකි. අරම්භයේ සිටම මව් බිම ගොදුරු කර ගැනීමට පැමිනි පෘතුගීසී අධිරාජ්‍යවාධීන්ටත් ඔවුන්ටත් පක්ෂපාතී කෝට්ටේ හා කන්ද උඩරට පාලකයන්ටත් එරෙහිව සීතාවක වීරවරයෝ ජිවිත පරිත්‍යාගයෙන් යුද වැදුනහ. වර්ථමාන සීතාව්ක පුරවරයේ සෑම බිම් අගලක්ම අතීත සීතාවක වීරවරයන්ගේ රුධිරයෙන් දෝවනය වී ඇත.
අතීත සිංහල සේනා සංවිධානය පිලිබඳව සොයා බැලීමේදී දු‍ටුගැමුනු, වලගම්බා, එක්වන විජයබා හා මහාපැරකුම්බා රජවරු සේනා සංවිධනය කල ආකරය මහාවංශය ආදී මුලාංශ්‍ර වලින් වැදගත් තොරතුරු ‍රැසක් අපට හමුවේ. චතුරාංගනී සේනාව හෙවත් සිව් රඟ පිරිවරා (ඇත්, අස්, රිය, පාබල) සීතාවක පාලකයෝද යුධ බිමට ගිය බව සීතාවක හටන, අලකේෂ්වර යුද්ධය, රාජවලිය වැනි මූලාංශ්‍රවලින් තොරතුරු හමුවේ.
සීතාව්ක පාබල හමුදාව මනාව් පුහුනු කල අතර , ඔවුන් නුවර යුගයේ සිට සුදලිය හා වරුවල්ලිය සටන් ගුරු කුළ දෙකක මෙන්ම ලන්සක්කාර හා පලිහක්කාර වශයෙන් ගුරු කුල දෙකක් යටහ්ටේ නිරන්තරව පුහුනු වූහ. මෙම ගුරුකුල දෙක අතර නිරතුරු තරගකාරීත්වයක් ඇති කිරීම නිසා දක්ෂ සටන්කරුවන් රාශියක් සීතාවක රාජධානියෙන් බිහිවූහ. දේශීය සටන් ශිල්ප කොටස් 03ක් යටතේ දැක්විය හැකිය. 1. අංගම් 2, ඉලංගම් 3, මායාඅංගම් ඒවා වේ.
අංගම් වශයෙන් හඳුන්වන්නේ නිරායුධව සතුරා හා සටන් වැදී පරදවාලීමයි. සතුරාගේ නිලවලට දෑතින් පහරදී සතුරා දුර්වලකිරීම හෝ මරා දැමීම මෙහිදි සිදුවේ. ඉලංගම් වලදී අවිආයුධ භාවිතාකල අතර කඩුව, හෙල්ල, මුගුර, කෙටීරිය, යගදා, දුණු ඊතල ආදිය යොදා ගත්හ. දක්ෂ ගුරුවරුන් යටතේ සීතාව්ක සෙබළු අවි පුහුනු වීම් ලැබී ප්‍රවීමයන් වූහ. සීතාවක රාජසිංහ, වීදීය බංඩාර, විමලධර්මසූරිය වැනි නායකයෝ ඉතා දක්ෂ ලෙස යුධ ශිල්ප දක්ෂතා පෙන්නු බව මුලාංශ්‍රවල සදහන්ය.
මාය අංගම් වලදී ගුප්ත විද්‍යා (යන්ත්‍ර,මන්ත්‍ර) භාවිතාකරමින් සතුරා මර්ධනය කලහ. අනවින හඳිහූනියම්යන ක්‍රම මේ සදහා බහුලව යොදාගත් ක්‍රමවේදයන්ය. දක්ෂ සටන්කරුවන් අතරින් අතිදක්ෂයින්තොරා ගෙන විශේෂ හමුදා ගොඩනැගූ අතර ඔවුන් අතපත්තු හමුදාව අදුන්වයි. ප්‍රභූආරක්ෂක හමුදාව් ලේ ඔවූහු කටයුතු කලහ.