වර්ථමානයේ සතුරු බලමුලු පලවා හැරීමට යුධ ටැංකි හා සන්නද්ධ රථ භාවිතාකරනව සේම අතීඉතයේදී යුධ අලි ඇතුන් යොදා ගත්හ. සබරගමුව අලි ඇතුන්ගෙන් බහුල වීම නිසාම සිතාවක යුධ ශක්තියට එය මහගු පිටුවහලක් වන්නට ඇත. කොළඹ කොටුව වැටලීමේදී 2200 කට අධික යුධ ඇතුන් සීතාවක යුධ පෙරමුනේ ගිය බව සදහන්ය. සාත්ව සම් හා ලෝහයෙන් කල ආවරන සහිත සන්නහ ඇන්දවූ අලි ඇතුන්ගේ දලවලට ලෝහ කොපු යෙදූ අතර දම් වැල් යගදා දැව කඳන් හොඬින් ගෙන වියරු ලෙස සතුරාට පහරදීමටත් සතුරු බල කොටුවේ ඇති කාලතුවක්කු සොඬින් ඇද බිම දැමීමටත් යුධ ඇතුන් අති දක්ෂයෝය.
ජයසුන්දර බාගේ වීර හස්ථි ඇතා කොඩියක් ගති. විජයසුන්දර බාගේ ඓරාවන ඇතා පලිහක් හා දම්වැලක් ගතිය. ආදී ලෙස රජාවලියේ කථුවරයා සීතාවක යුධ ඇතුන් මුල්ලේරියා වෙලේදී සතුරන් නැසූ ආකාරය වර්නනා කර ඇත. එසේම යුධ ඇතුන් දළ වලින් ඇන කොළඹ කොටුව බිඳ හෙලීමටත් ගත් උත්සාහයද පොත් පත්වල සදහන් වේ.
සිංහල අශ්වාරෝහක හමුදාව සදහා අශ්වයන් ඉන්දියාව පර්සියාව ආදී විදේශ වලින් ගෙන්වීය. මනාව යුධ අභ්‍යාස පුහුනු කල සීතාවක අශ්වාරෝහක හමුදාවෝ විදිලි වේගයෙන් පැමින කෝට්ටේ පාලන ප්‍රදේශවලට විඳුලි වේගයෙන් පහර දීම් කර ඇත. මුල්ලේරියා සටනේදී ගෝපල නම් අශ්වයා ඉටුකල යුධ කාර්යය පිළිබඳව රාජාවලියේ සඳහන්ය,. රාජසිංහ රජතුමා අශ්වයෙකු පිට නැගී සේනාව වටා යමින් ඔවුන්ව දිරි ගැන්වීය. දිව යන අසෙකු පිට සිට දෙ අතින් කඩු දෙකක් කරකවමින් අනෙක් අශ්වයා පිටට පැනීමටත් විදුළි වේගයෙන් අසු මෙහෙය වීමත් රාජසිංහ රජතුමා අති දක්ශයෙකු බව බොහෝ මූලාංශ වල සදහන්ය.
ය. රිය හමුදාවක් පිලිබඳ සීතාවක් යුධ මෙහෙයුම් වලදී හමුවන තොරතුරු අඩුය. එහෙත් කොළඹ කොටුව වැටලීමේදී ගැල්ගවයන් හාරදාහක් සිටි බවට තොරතුරු සදහන්ය. එසේම රෝද නවයේ අට්ටාල වැනි යුධ රථ කොළඹ කොටුවට පහර දීමේදී සීතාවක හමුදාව රැගෙන හියහ.
