මායාදුන්නේ කුමරුවන් සීතාවක තම රාජ ධානියේ අගනුවර කරගන්නට හේතු වෙතැයි සිතිය හැකි කරුනු කිහිපයක්ම හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වෙති. ඒ අතර මානියම්ගම රජ මහා විහාරය වඩාත් වැදගත් වේ. වලගම්බා රජ දවස සිට ප්‍රදේශයේ ආගමික මධයස්ථානය ලෙසට සැලකීමත් විජයබා කොල්ලයට පෙර සිටම මෙහි වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මය දුන්නේ කුමරුන් හට සහය දැක්වීම ප්‍රධාන කොට පෙන්වා දේ. මේ නිසාම ප්‍රදේශයේ ප්‍රභූවරුන්ද මයාදුන්නේ කුමරුන් වෙතට වඩාත් කැමැත්ත පලකරන්නට ඇති බව බලපොරොත්තුවිය හැක. එසේම කැළණි නදියේ, ගැටහැති ඇල වැනි ජල බාදක මෙන්ම කඳු සිකර බාදක වලින් ආරක්ශිතව තිබීම මෙන්ම සරුසාර කෘෂිකර්මාන්ත පසුබිමක් මෙහි පැවතීමද අනෙකුත් ප්‍රධාන හේතූන් වන්නට ඇත.
ඉතිහාසය පවසන්නේ මයා දුන්නේ කුමරුන්ගේ නියෝගය මත ආර්ය නම ඇමතිවරයා රජමාලිගය, පරිවාර මාලිගාවන්,මල් උයන් වලින් සමන්විත අලංකාර නගරයක් නිමවන්නට කටයුතු කොට ඇති අතර 1592දී පමන සීතාවක රාජසිංහ රජුගේ අභාවය වන තෙක්ම එවකට ප්‍රධානතම සතුරන් වූ පෘතුගීසීන්ට එරෙහිව සටන් කරමින් වුනට පක්ශපාතී වන්නට කටයුතු කරමින් සිටි කෝට්ටේ හා උඩරට පාලකයන්ද මැඩලමින් ඒ වන විට යාපනේ කොටුව හා යාපනේ කුඩා ප්‍රදේශයක් හැරෙන්නට මුලු රටම එක්සේසත් කල බවටයි පැවසෙන්නේ.
සීතාවක රාජසිංහ රජතුමන්ගේ අභාවයෙන් අනතුරුව රජකමට පත්වූ රාජසූරිය කුමරු හා ජයසූරිය යුවරජු අරිට්ඨ කීවෙන්ඩු ලවා ඝාතනය කරවා රාජසිංහ රජුගේ සොයරියක වූ මහාබිසෝබන්ඩාරගේ පස් හැවරිදි බුනුපුරෙකු රජකමට පත්කර ගත් අතර රජකම පිලිබදව අරිට්ඨ කීවෙන්ඩුගේ ද සිතක් වූ අතර රජ පවුල සමග ඇතිවූ සිත තැවුලකින් අනතුරුව 1592දී කෝට්ටෙට පලා ගොස් පෘතුගීසීන් සමග එක්ව 1594දී පමන පෘතුගීසී හා කෝට්ටේ සෙනාවන් සමග පැමින සීතාවක රජ පවුල සිරභාරයට ගත් බවත් කෝට්ටේ ධර්මපාල රජතුමා රජු බවට පත්වූ බවත් පැහැදිලි කෙරේ. ප්‍රදේශය ආශ්‍රිතව විසූ නෙක වීරෝධාරයන් ඉදිරිපත් වෙමින් 1616 තෙක් පෘතුගීසී විරෝධය ඉදිරියට පැවති බවටත් අනතුරුව සීතාවක රාජධානිය පිලිබද මතකය කෙමෙන් මැකීයන්නට පටන් ගත් බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ.
