හදාරන්නන් පෙන්වා දෙන්නේ වර්තමානයේ සෝමාරමයට යාබදව වන කඳු මුදුනත තාවකාලිකව දළඳා සමිදුන් වැඩ සිටි ප්‍රදේශයක් වන බවයි. කෝට්ටේ රාජධානිය වෙතට එල්ලවන සතුරු කරදර නිසා හිරිපිටිය දියවඩන නිලමේ විසින් රහසිතව සීතාවක රාජධානියට වැඩම කර මායාදුන්නේ රජතුමාට දළඳ වහන්සේ භාරකල බවත් අදත් මෙම උස් බිම මළුව පිටවත්ත ලෙසට ව්‍යවහාරවන බවත් ඔවුන් පෙන්වා දෙයි. වර්ථමනයේ මෙහි කිසිදු පෙර සලකුනක් ඉතිරිව නැති මුත් අනුරාධපුර යුගයේ සිටම දළඳා වහන්සේගේ තේවාවන් සදහා රාජකාරී නියමවූ පිරිස ගණ වැසියන් ලෙසට නම් වන බවත් ඔවුන් පදිංචිව සෛටින ප්‍රදේශය ගන පංතිය ලෙසට හැඳින්වූ බවත් අදද තල්දූව සතිපොල ආසන්නයේ වන භූමිභාගයක් ගණ පංතිය ලෙසට හැදින් වෙන බවටත් පෙන්වා දේ. පැරන්නන්ගේ මතක සටහන් අනූව 1940 පමන වනතෙක්ම මෙම ප්‍රදේශයේ පැරනි නටබුන් තිබුනු බවට එම හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නට කටයුතු කරයි.