මෙසේ රාජසිංහයන් කල සාසනික විලෝපයෙහි ප්‍රථිපලය වූවේ එතෙක් සීතාවකට පක්ෂපතීව සිටි වූත් ජනතාවගේ පිලිගැනීමට පාත්‍රව සිටීයා වූත් මහතෙරුන් වහන්සේලා මහනුවර අළුතින් බලයට පත්ව සිටි කොනප්පු බංඩාරයන්ට පක්ෂපාතී වීමයි.
සීතාවක රාජධානියට අයත් සබරගමුවේ වැඩ සිටි දළඳා වහන්සේද උන්වහන්සේලා විසින් මහනුවරට වැඩම කරවන ලදී. දළඳා වහන්සේ මෙරට රාජ්‍යය උරුමයෙහි සංකේතය වූ බව මෙහිලා අප විසින් අමතක නොකල මනාය. පසුකලේක මහනුවර පලමුවන විමලධර්මසූරිය නමින් රජබවට පැමිනියේත්, සීතාවක රාජසිංහයන් ඔහුගේ ජීවිතයට අවසානම සටන වූ බලන සටනේදී පරාජයට පත්කලේත් ඉහත සදහන් කල භික්ෂූන් වහන්සේගේ පක්ෂපාතීත්වය දිනා ගත් කොනප්පු බංඩාරයන්මය. රාජසිංහයන්ගේ මරනය සිදුවූවේත් මෙ සටනින් පැරදී සිත් තැවුලෙන් යුතුව පසු බසිද්දී පෙතන්ගොඩ උයනේදී බව කියවේ. “බුද්ධ සාසනයටත් භික්ෂූන් වහන්සේලාටත් අත තැබූවෙකුට විපත්නම් නියතය” යන්න සනාතකල තවත් අවස්ථාවක් ඉතිහාසයේ එලෙස සනිටුහන් විය.
සීතාවක රාජසිංහයන් කොතරම් යුද්ධයෙහි දක්ෂයෙකු වුවද නිර්භීත කමින් අග තැන්පත් වුවද ඔහු තම ජයග්‍රහනය නිත්‍යකර ගැනීමෙහි ලා උපාය ශීලී වූ ශූර පලකයෙකු නොවීම සිංහල ජාතියේම අවාසනාවකි. ඔහු සතුව තිබූ විදේශිකයන් පිටු දැක දේශය ගලවා ගැනීමේ උදාර අරමුනත් සමගම දේශීය චින්තනය හඳුනාගෙන ජනහදවත් දිනා ගැනීමේ ශක්තියත් එක් විනි නම් ශ්‍රීලංකාවේ ඉතිහාසයට අදට වඩා වෙනස් ව යන්නට ඉඩ තිබිනි. කොතරම් බලවත් නාවික හමුදා සහ පාබල හමුදා පෘගීසීන් සතුවූවද භික්ෂූන් වහසේ ප්‍රමුක දේශීය ජනබලය දිනා ගන්නට රාජසිංහයන් සමත් විනි නම් ශ්‍රීලංකා ඉතිහාසයෙහි බටහිර යුගයක පිටු පෙරලන්නට අපට අවස්ථාව නොලැබී යනවා නොවනු මානය.
