කොලොම් තොටින්ද පෘතූගීසීන් පලවා හැරීමට මායාදුන්න හා රාජසිංහ ප්‍රමුඛ සීතාවක හමුදාවෝ ක්‍රි.ව. 1579 අප්‍රේල් 27 වන දා කොළඹ කො‍ටුව වැටලූහ. ඇලක් කපා බේරේ වැව හිංදවා සන්නාහ ඇඳුම් ඇඳුම් ඇදි යුධ ඇත්තු කො‍ටු පවුරට පහර දුන්හ. දිවි නොතකා සීතාවක හේවායෝ ලනු හා ඉනිමං යොදා ගෙන කො‍ටුව තුලට කඩා පැන්හ. ක්‍රි.ව. 1581 ජනවාරි 18 වනිදා දක්වා පුරා මාස 22ක් පැවති මෙම යුද්ධයෙන් පෘතුගීසීන් කොළඹ කො‍ටුවටම සීමා කිරීමට සීතාවක වීර යන්ට හැකි විය.
ක්‍රි.ව. 1580 පමන වන විට කන්ද උඩ රට පාලකයා වූ කරලියැද්දේ බංඩාර රජතුමා දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා ගෙන පෘතිගීසීන්ට පක්ෂපාතී වුවේය. කන්ද උඩරට ජනතාව, උඩරට රජුට එරෙහි වූ අතර , රාජසිංහ ප්‍රමුක සීතාවක හමුදාවෝ කන්ද උඩරට අල්ලා ගත් අතර, කරලියැද්දේ රජ පලවා හැර සීතාවකට පක්ෂ පාතී වීරසුන්දර බංඩාර නම් පාලකයාට උඩරට බාර දුන්නේය. ක්‍රි.ව. 1582 වන විට නැගෙන හිර වෙරලතීරය දක්වා සීතාවක රාජධානිය ව්‍යාප්තවිය.
සීතාවක රජකම රාජසිංහ රජතුමාට පවරා ක්‍රි.ව. 1580 දී මායාදුන්නේ රජතුමා විශ්‍රාම ගත් අතර, ක්‍රි.ව. 1581 මායාදුන්නේ රජතුමාගේ අභාවය අසා පෘතුගීසී හා කෝට්ටේ සේනාවෝ ක්‍රි.ව. 1583 ඔක්තෝබර මාසයේ මුල්ලේරියා වෙල්යායේ කඳවරු බැදගත්හ. සිව්-රඟ සේනාව පිරිවරා පෘතුගීසීන් වෙත කඩා පැන්න රාජ සිංහ රජතුමා පිලිබඳ රාජාවලි කතුවරයා පවසන්නේ “රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධගිනි කෙලි කොටන විට දුරුතුමස මීදුම මෙන් වෙඩිදුම් පටලා ගෙන සිටින සඳ මුල්ලේරියා වෙළ මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක් පස්සට යන්නට නෑර කොටා….” යනු වෙනි.මෙසේ බටහිර ජාතීන් පෙරදිගදී ලැබූ දරුනුම පරාජය මුල්ලේරියාවේදී පෘතිගීසීහු ලැබූහ.
ක්‍රි.ව.1587 ජූනිමාසයේදීද 50000ක යුධ හමුදාවක් යුධ ඇතුන් 2200 පිරිවරා කොළඹ කො‍ටුව ආක්‍රමනය කල සිතාවක හමුදාවෝ යලිත් වරක් පෘතිගීසීන් කොළඹ කො‍ටුවටම සීමා කලහ. යුධ නැව් හා කුඩා යාත්‍රා සිය ගනනක් කොළඹ කො‍ටුව මුහුද දෙසින් ආක්‍රමනය කිරීමට රාජසිංහ රජතුමා යෙදවීය.සීතාවක යුධබලයේ උපරිම අවස්ථාව කොළඹ කො‍ටුව ආක්‍රමනය බව ඉතිහාඥයෝ පවසති.
වන්නි ප්‍රදේශයයේ පාලකයන් 18 දෙනෙකු යටතේ පාලනය වූ අතර වන්නි පාලකයන්ගේ පක්ෂපාතීත්වයද සීතාවක සීතාවක පාලකයාට ලැබූ බව පිලිගත හැකිය. රාජාවලිය අලකේශ්වර යුද්ධය හා සීතාවක හටන කතුවරු වන්නි ප්‍රදේශ වල පක්ෂපාතීත්වය පිලිබඳව විස්තර කරන අතර සැවුල් සංදේශය රාජසිංහ රාජසභාවේ වන්නි ප්‍රධානීන් සිටිබව තහවුරු කරයි.
ක්‍රිව 1521 දී තුන් හා සතර කෝරලයද සබරගමුවද ප්‍රදේශය මුල් කරගෙන බිහිවූ සීතාවක රාජධානිය ක්‍රි.ව. 1592දී යාපනයත් කොළඹ කො‍ටුවේ සුලු බිම් තීරයක් හැර මුළු ලංකාවම සීතාවක රාජධානිය බවට ව්‍යාප්තවූ බවට පැහැදිලිය.