කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි. විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයෙකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම ලබා දෙන්නට කටයුතු කිරීම තත්වය පුපුරවා හරින්නට සමත්විය. අවසානයේ විජයබා රජුගේ මරනයත් සමග වැඩි මහලු බුවනෙකබාහු කුමරු කෝට්ටේ රජකමටද, රාජසිංහ කුමරුට රයිගම් ප්‍රදේශයද, මායාදුන්නේ කුමරුට සීතාවක ප්‍රදේශයද බාර විය. පසුව රයිගම් පාලකයාද මිය ගිය හෙයින් එම ප්‍රදේශයද මාය දුන්නේ කුමරුට බාරවූ බවටයි තොරතුරු හෙලි වන්නේ. පෘතුගීසීන්ට හිතැති පාලනයකට ඉතිරිව සිටි බුවනෙකබාහු රජුද වැඩි කැමැත්තක් දැක්වුව මුත් මාය දුන්නේ රජු එයට එතරම් එකග නොවීය. අනෙක් අතට ධර්මපාල නම් බුවනෙකබාහු රජුගේ දියනියකගේ පුත්‍රයෙකුට තම රාජ්‍ය හිමිකර දෙන්නට කටයුතු කිරීමද මායාදුන්නේ කුමරුගේ සිත් පාරවන කාරනාවක් විය. මෙම තත්වයන්ගේ ප්‍රථිපලයක් ලෙසට1530දී පමන සීතාවක උපරාජ්‍යය බිහිවිය. මෙම තත්වය වරක් මායාදුන්නේ කුමරුගේ අධික බල තන්හාව ලෙසට විග්‍රහ වන විට තවත් අතකින් මෙම පසුබිම යටතේ සිංහල ජාතියක් ගැන සිතන්නට ඉතිරිව සිටියේද මායාදුන්නේ කුමරුන් පමනක් බවට විග්‍රහ වේ.