දොමින්ගු කොරයා එදිරිල්ලේ රාල ( Dominicus Corea (or Edirilla Rala)
ධර්මපාල රජතුමාගේ භාෂා පරිවර්ථක ජෙරනිමෝ කොරයා හෙවත් එදිරිල්ලේ ආරච්චිගේ පුතුය. කුඩා කල පටන් සීතාවක රජවාසලේ සිටි රාජසිංහ රජතුමගේ සමීප මිත්‍රයෙකි. සීතාවක රජපවුල සමග අමනාපව පෘතුගීසීන්ට එකතුව යුධ සෙනවියෙකු විය. ක්‍රි.ව. 1593 සීතාවක හා කේ.ව. 1594 කන්ද උඩරට ආක්‍රමන වලටද නායකත්වය දුන්නේය. පෘතුගීසීන් තම රටට ජාතියට ආගමට කරන විනාශය දැක කලකිරී ක්‍රි.ව. 1595 නොවැම්බර් 17 දා අ‍ටුලුගම්පුරයේදී (දෙහොඹ්විට) එදිරිල්ලේ බන්ඩාර නමින් රජකමට පත්විය. සීතාවක අවට පෘතුගීසී බලය විනාශකර හංවැල්ල බලකො‍ටුවෙන්ද පෘතිගීසීන් පලවා හැරියේය. සබරගමුවේදී සමරකෝන්රාල ප්‍රමුක පෘතිගීසීන් හමුදාවක් සමග කල යුද්ධයෙන් පැරදී සිටියදී සිංහල කාන්තාවක් සතුරට පාවා දුන්නේය. මේ අභීත සිංහලයා ක්‍රි.ව. 1596 ජූලි 14 දින කොළඹදී දරුනු වද හිංසා දී හිස ගස මරා දමන ලදී.
කුරුවිට රාල (අන්තෝනියෝ බරෙන්තු)
පෘතුගීසීන් සමග සිටි දක්ෂ සිංහල යුධ සෙනවියෙකි. 1603 දී පෘතුගීසීන්ට එරෙහි යුධ ප්‍රකාශ කලේය. විමල ධර්මසූරිය රජතුමා සිතවකට ආසන්න කුරුවිට නිදංගම කොට පරිත්‍යාග කල නිසා කුරුවිට රාල නම් විය. සීතාවකට අයත් තුන් කෝරලය, සතර කෝරලය, සබරගමුව හේවාගම් කෝරලයේ කොටසක්ද අත්කර ගෙන ක්‍රි.ව. 1618 දක්වා දරුනු පෘතුගීසී විරෝධියෙක් විය. රත්න පුර ලෙල්ලු පිටියේදී පෘතුගීසීන්ට එරෙහිව බිහිසුනු සංග්‍රාමයක් කල අතර එහිදී පෘතුගීසී අතින් ඝතනය විය.