කෝට්ටේ රාජධානියේ පාලකයා වූ හයවෙනි විජයබාහු රජතුමා(ක්රි.ව. 1513-1521). සාමකාමී පාලකයෙක් වූ මෙතුමාගේ කාලයේ (ක්රි.ව. 1518 පමන) පෘතුගීසිහු කොළඹ වරාය අසල බලකොටුවක් ඉදිකල ගත්හ. රාජ්ය උරුමය පැවරීමේදී අගබිසවගේ පුත් කුමාර වරු නොසලකා දෙවන බිසවගේ පුත් දේවරාජ කුමාරයාට රජකම ලබා දීමට ගත් උත්සාහයේදී පලමු බිසවගේ පුතුන් වන බුවනෙකභාහු, රයිගම් බන්ඩාර හා මායාදුන්නේ කුමාරවරු මෙහෙය වූ කැරැල්ලෙන් මෙතුමා මිය ගියේය. එය විජයබා කොල්ලය ලෙස හඳුන්වයි. කුමාරවරු පියතුමාගේ රාජධානිය කෝට්ටේ, රයිගම හා සීතාවක ලෙස බෙදා වෙන්කරගෙන රාජධානි පිහිටවා ගත්තේය.
මායාදුන්නේ රජතුමා (ක්රි.ව. 1521-1581)
හයවන විජයබාහු රජතුමාගේ හා කීරවැල්ලේ මහබිසෝ බන්ඩාර දේවියගේ බාල පුතාය. කුඩා කල සිටම යුධ දක්ශයෙකු හා උපායශීලී නායකයෙකු වූ මෙතුමා ක්රි.ව. 1521 දී සීතාවක රාජධානිය පිහිටවා ගත්තේය. බෝතලගේ සුමනා දේවිය අග බිසව (අනුලා කහතුඩුව) විය. මහරජ්ජුරු බන්ඩාර තිඹිරිපොලේ බන්ඩාර , සන්තාන බන්ඩාර, ටිකිටි බන්ඩාර යන කුමාරවරුන්ගේද මහ ටිකිරිබිසෝ බන්ඩාර හා කුඩා ටිකිරි බන්ඩාර යන කුමාරියන්ගේ පියතුමාය. ක්රි ව 1536දී රයිගම රාජධානියද උරුම වූ අතර පෘතුගීසීන් කෝට්ටේ පාලකයා රවටා ගෙන තම මවු බිම ගොදුරු කර ගන්නා බව තේරුම් ගෙන කෝට්ටේ හා පෘතුගීසීන් ට එරෙහිව යුධ වැදුනේය. කෝට්ටේ රණශූරයා වූ වීදියේ බන්ඩරයන්ය ටිකිරි කුමරුගේ හමුදාව යොදා පලවා හැරී මෙතුමා ක්රි.ව. 1567 දී කෝට්ටේ රාජධානිය අත්පත් කර ගත්තේය. මුල්ලේරියා වෙල්යායේ පෘතුගීසීන්ට එරෙහි යුධ ගැටුම් රැසකට නායකත්වය දුන් මෙතුමා අසූ වයස් පැමින තම පුත් අසහාය රණශූර ටිකිරි බන්ඩාර කුමරු රාජසිංහ නමින් රජ බවට පත්කලේය. ක්රි ව. 1581දී මෙම අසහය නායකයා මෙලොවින් සමුගත්තේය.
– පොත පත ඇසුරිනි.
