මායාදුන්නේ රජතුමා පාරම්පරික රජවරුන්ගේ සිරිතට අනූව ආගමික වත්පිලිවෙත් පුරමින් තම රාජයයේ විහාර දෙවාලා වලට පුද සිරිත් දක්වමින් කටයුතු කල අතර දළඳා වහන්සේ ලැබීම ගැන මහත් සොම්නස් ලත් අයෙකි. සිය රාජ්‍යයේ ස්ථාවර භාවය සදහා ඒය සුවිශේෂ සිද්ධියක් වූ බැවිනි. මේ හැරුනු විට ස්වරාජ්‍යයේ ආරක්ෂාව සහ ස්ථාවරත්ව්ය ගැන තදින් අවධානය යොමුකල යුතු වූ බැවින් ශාසනික වශයෙන් විශේෂ ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ ලැබෙන්නට ඇත. එකාගේත් පොදු සතුරු වූ පෘතුගීසීන්ටත් මුහුන දී තම රාජ්‍යය කටයුතු කරගෙන යායතු වූ සීතාවක පලකයා. හැටියය ඔහුට දේෂපාලන වශයෙන් ඇති වූ ප්‍රශ්න බොහෝය.
සීතාවක රාජ්‍යයේ ව්‍යාප්තියට හා ආරක්ෂාවට මායදුන්නෙ අරජුට ඉමහත්ම ආධාරය වූවේ සිය පුත් ටිකිරි බංඩාර කුමරු බව ඉහත දීද පෙන්වා දී ඇත. මේ අභීත වීර රණශූරයා පෘතුගීසි සතුරාට මුහුන දුන් එඩිතර ලීලාව මුලාංශ්රවල එන තොරතුරු වලින් දැක ගත හැකිය. පසු කලෙක ඔහු සිය පියා වූ මායාදුන්නේ මරා රාජසිංහ නමින් සීතාවක රජු බවට පත්විය. චුලවංශය මන්දාරම්පුර පුවත, සුලු රාජවලිය යන මූලාංශ්රවල සදහන් මේ පුවත රාජවලියෙහි සදහන් නොවේ. මායදුන්නේ මිය ගියේ විෂක් ශරීරගත වීමෙනැයි ද කියති. කෙසේ වෙතත් මේ වීරෝධාර රජුගේ සමයෙහි උද්ගත වූ ශාසනික විනාශය ගැන සිතන විට ඔහුට පියා මරාදැමීම එතරම් කාර්යක් නොවෙතැයි පෙනී යයි. රාජසිංහ රජ පීතෲ ඝාතක කර්මයෙන් මිදීම සදහා සිව ආගම වැලඳ ගත්තේය. එතැන් පටන් මුද්ධාගමේ පරම හතුරෙකු වූ ඔහු සිදුකලේ මහත් ශාසනික විනාශයකි. ඔහු සිදුකල මහත් සාදනික විනාශය මන්දාරම්පුර පුවත නම් සිංහල කාව්‍ය ග්‍රන්තයේ සදහන් වන්නේ මෙසේය.
සුගත් සසුන වනසා මිස දුටු දෙවුය
අතගා නලල සැම සිව සමය ගැන්වූහ
මිසදිටු නොවූවත් ගිරියේ වැලි ලැවුය
රදල මුදලි දන මිරිකා මෙහෙය ගතුය
මහබෝ වෙහෙර පුද උන් උදුරා ගනිත
සිවත් සඝන මරවන බුදු රූ කඩන
පොත් ගිනි ලන අනගි විසිතුරු දේ නසත
වැසියන් පෙලත් උන්සතුදේ හැර ගනිත.