ඔහු පියා මරණයට පත් කිරිම භික්ෂූන්ගේ කලකිරිමට හේතුවාට නම් සැකයක් නැත. මේ අඩුව වසා ගැනීමට ආගමික වශයෙන් දිය හැකි පිලිතුරක්ද නැත. පීතෲ ඝාතක කර්මය මිඳීමට මගක් නැති බව ආගමික පිලිතුරයි. දේශපාලන බලයෙන් මෙය වසන් කිරීමට නොපුළුවන. ආගමික ඉගැන්වීමත්, දේෂපාලන බලයත් පටලවා ගෙන ඉච්චාබස් කියා රැවටීමට අකමැති භික්ෂූන් වහන්සේලා ඔහුගේ කර්මයෙහි යතාතත්වය පැවසීම රජුගේ උදහසට හේතුවන්නට ඇත. එයට කොතෙකුත් උසිගැන්නවීම් කොට වාසිලබා ගැනීමට මාන බලමින් සිටි උපදේශකයන්ට මෙය හෙඳ අවස්ථාවක් විය. පිලියම ශිව ආගම වැලඳගැනීම බව පෙන්වා දුන්හ. රාජසිංහ එය කලේය.
පීතෲ ඝාතක කර්මයෙන් බේරීමට ශිව සමය වැලඳ ගැනීමෙන් පසු භික්ෂූන්වහන්සේ තමාගේ සැබෑ ද්‍රෝහීන් විය හැකි බව අනුමාන කිරීම පුදුමයක් නොවේ. දේශපලන බලතල රැක ගැනීම සදහා එයට එරෙහිව එතැයි සැලකෙන කවර බලවේගයක් වුවද කල්තියාම නස වනසා දැමීම එම ක්ෂේත්‍රයේ සුලබ වැඩ පිලිවෙලකි. අනුශාසකයෝත් අනුගාමිකයෝත් ඒ සදහා ඇති තරම් පෙලබවීම් කරති. ඒ මත එදා පටන් රාජසිංහ භික්ෂු ඝාතනය, වෙහෙර පන්සල් වැනසීම , ශිව දහම ව්‍යාප්ත කිරීම ඇරබීය. කෝවිල් දේවාල බහුල වී යාග හෝම වලින් සීතාවක රාජ්‍යය පිරී යන්නට පටන් ගත්තා පමනක් නොව එහි බලපෑම් පශ්චාත් ඉතිහාසයටත්, එක් විය. රාජ්‍යය ශක්තිය හා ධනය යොදා ගොඩ නැගුනු වෙහෙර දාගැබ් වෙනුවට සීතාවක රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් බැරැන්ඩි කෝවිළ, උමා කෝවිළ වැනි කෝවිළ් ඉදිවිය.
මෙසේ නමුත් ඔහුගෙන් දළඳා වහන්සේට අනතුරක් නොවීය. එය ඔහුගේ දේශපාලන ඉස්තාවර භාවයට් වැදගත් හේතුවක් වශයෙන් එම අවස්ථාවේ උවද පිලි ගැනීම නිසා විය හැකිය. දළඳා වහන්සේගේ භාරය හිමිකොට ගත් රාජ්‍ය වශයෙන් පිලිගැනීමේ වීර සම්භාවනව හිමිකර ගත යුතු බැවින් මෙසේ දළඳා වහන්සේට අනතුරක් නොකර සිටීමට රාජසිංග ප්‍රවේශම් වන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ, ඔහු දළඳා මන්දිරයට ගම්වර පූජාකල බවත් දළ්ඳා පෙරහැර 11ක් කල බවත් සඳහන් ලේඛන ඇති බව සපරගමු දර්ශන නම් ග්‍රන්තයෙන් එලි වෙයි. එසේ කරන ලද්දේ ශිව ආගම වැලඳ ගැනීමට පෙරද පසු දැයි පැහැදිලි නැත.
