ඔහු සංඝයා වැනසූ පුවත් මූලාංශ්‍ර වලද සදහන් වන අතර මේ පිලිබඳව මහාචාර්ය මලලසේකර මහතා “එකල සිටි ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සෙලා මර දමා සෙසු භික්ෂූන්ගේ හිස් ගසා දමා හිස් ගෙඩි පොඩි කරවාලමින්ද සමහරු කඩුගා මර දැමීම විය” යි ලක්දිව පාලි සාහිත්‍ය ග්‍රන්තයෙහි සදහන් කරයි. මෙකල සීතාවක සිටි බොහෝමයක් ප්‍රධාන භික්ෂූන් හන්දුනා ගැනීමට ” අස්ගිරියේ තල්පත” හොඳ මූලාද්‍රයකි. රාජසිංහයන්ගේ ශාසන විනාශයෙන් සිදුවූ හානිය කෙතරම්ද කියතොත් ඔහුගේ අභාවයෙන් සමීප කාලයෙහි සිදුවූ සිද්ධීන්ගෙන් සිත අගත හැකිය.
සෙංකඩගල රාජ්‍ය තහවුරු කර ගෙන සිටි එක්වන විමලධර්මසූරිය රජතුමා පිරිහී ගිය ශාසනික තත්වය නගා සිටවීමට බොහෝ උනන්දුවෙන් කටයුතු කල කෙනෙකි. සීතාවක දෙල්ගමුව විහාරයේ වැඩ සිටි දළඳ වහන්සේ මහනුවරට වැඩමවා තැන්පත්කරන ලද්දේ එතුමන් විසිනි. මේ වන විට ලංකාවෙහි උපසම්පදා කර්මය කිරීමට ගණපූර්ණය සදහා ප්‍රමනවත් භික්ෂූහු නොසිටියහ. එබැවින් රජතුමා වෙනත් දේශයකින්ද භික්ෂූන් ගෙන්වා ගැටබේ තොටදී උපසම්පදා කර්මයක් කරවීය. මේ තොරතුරෙන්ම උවත් භික්ෂූ සාසනයට ලබා තිබූ තත්වය වටහා ගත හැකිය. එසේ කල මේරට ආගමික, අධයාපනික, සංස්කෘතික තත්වය කෙතරම් අනුවේදනීය තත්වයක පැවැත්තේ දැයි සිතා ගැනිමට අපහසු නොවේ.