සීතාවක රාජධානියේ ශාසනික තොරතුරු විමසා බැලීමට ඇත්තේ මෙතැන් සිටය. දොන් ජුවන් ධර්මපාල ගැන චූල වංශයෙහි කිසිම තොරතුරක් සඳහන් නොවේ. ඔහු ක‍තෝලික ආගම වැලඳ ගැනීමෙන් පසු දේශීය ජාතික ආගමික ඉතිහාසයට එක්විය හැකි දෙයක් ඉ‍ටු නොකල නිසා දෝ ඔහු ගැන එයින් විස්තර නොදත හැකි වුවත්, රාජාවලියේ , සුළු රාජාවලියේ පෘතිගීසි ලේඛ්ක ආදියෙන් බොහෝ තොරතුරු දත හැකිය. ඔවු රජවන විට කෝට්ටේ දළඳා වහන්සේ භාරව කටයුතු කලේ පිලිපිටියේ නම් නිළ්මේය. ජනප්‍රවාදවලට අනූව පෘතුගීසි උවදුර පැතිරගෙන එන විට එතුමාට “කෝට්ටේ කළාලේ දත මැදගන්න රාළේ” යන කියමනක් සිහිනෙන් ඇසුනේළු. මෙයින් අදහස් කරන ලද්දේ කෝට්ටේ අත හැර දළඳාව රට මැදට ගෙන යන්න කීම යයි කියවේ. කෙසේ වෙතත් උවදුරු සහිත නිසා දළඳා වහන්සේ කෝට්ටේන් ඉවත්කොට රට මැදට ගෙනයාමට සිතූ නිළමේ දළඳාව හොර රහසේම ‍රැගෙන පිටත්ව ගොස් එය සීතාවක මායාදුන්නේ රජුට භාරකලේය.
මේයින් මහත් සතුටට පත් මායාදුන්නේ රජතුමා දළඳා වහන්සේ දෙල්ගමුවේ දළඳා මාලිගෙයක් කරවා තැන්පත් කොට මහත් පුද සත්කාර කරේය. දළඳා වහන්සේගේ ආරක්ෂාව පතා එය දෙල්ගමුව විහරයෙහි යෝධ කුරහන් ගලක සඟවා තැබූ බව පැවසේ. අදද දෙල්ගමුව විහාරයෙහි මෙම කුරහන් ගල දක්නට ලැබේ. මෙතෙක් ලංකා රාජ්‍ය උරුමයේ සංකේතය වූ දළඳා වහන්සේ ලැබීමත් බොහෝ භික්ෂූන් වහන්සේලා ගේ සහ බෞද්ධ ප්‍රභූන්ගේ වාසයට ආරක්ෂා සහිත ඉස්ථානයක් වීමත් නිසා කාලීන ප්‍රබල සිංහල රාජ්‍යය වීමේ ගෞරවය සීතාවකට හිමිවෙයි. සීතාවක රාජධනියේ පිහිටි ප්‍රමුක බෞද්ධ සිද්ධස්ථානය අතරට ශ්‍රී පාදස්ථානය, දෙල්ගමුව රජමහා විහාරය, නැදුන් විහාරය, බිම්ගොඩ රජමහා විහාරය, කරඳන ගල් විහාරය ආදිය ගැනේ. මේ ස්ථානවල ආරම්භය ඊට වඩා පැරණි යුගවලට අයත්වන නමුත් සීතාවක යුගයේදී විශේෂ රාජාඅනුග්‍රහලත් ස්ථාන වශයෙන් පැවති අයුරු සපරගමු දර්ශන නම් ග්‍රන්තයෙහි කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ සඳහන් කරති. එයින් දෙල්ගමුව දළඳා මාලිගය පිහිටීමෙන්ද, කරඳන ගල් විහාරයෙහි භික්ෂූන් වහන්සේලා මැදුම් සඟිය ලියවීම සිදුකල ස්ථානය හැටියටද බිම්ගොඩ රජමාහා විහාරය සීතාවක යුගයේ මහා පඬිවරයා අලගියවන්න මුඛවෙටි කවියාගේ පුස්ථකාලය පිහිටි ස්ථානය වීමෙන්ද විශේෂ ස්ථානයක් ගනී.