විජයබා කොල්ලයේ ආසන්නම ප්‍රථිපල නම් කෝට්ටේ රාජධානිය බෙදී යාම සහ සීතාවක රජයයේ උදාවයි. සිද්ධියෙන් පසු පුත් කුමාරවරුන්ගේ වැඩිමලා වූ හත්වන බුවනෙකබාහු කෝට්ටේ සිංහාසනයට පත්විය. මායාදුන්නේ සීතාවකත් රයිගම් බණ්ඩාර රයිගමත් කේද්‍ර කොට ගෙන එකී ප්‍රදේශ පාලනය කලහ. මේ නිසා සීතාවක රාජ්‍යයේ උදාව විජයබකොල්ලයේ ප්‍රථිපළයකැයි කීම උචිතය. මායාදුන්නේ ගෙන් ඇරඹුනු සීතාවක රජ්‍යය, ටික කලකින් කෝට්ටේ රාජයයට වඩා පුළුල්විය. රයිගම් බණ්ඩාර මියයාමෙන් පසු රයිගම රජයයද සීතාවකට ඈදෑ ගැනීම නිසා මෙසේ විය. මයදුන්නේ ජීවත්ව සිටියදීම බලයෙන් හා පරිමානයෙන් ව්‍යාප්තියට පත්වීමට ප්‍රමුඛ අනුබලය වූවේ ඔහුගේ පුත් ටිකිරි බණඩාර කුමරුය. නිර්භීත, විශිෂ්ඨ රණකාමියෙකු වූ හෙතෙම මායාදුන්නේ ගෙන් පසු රාජසිංහ නමින් රජවූ අතර ඔහු යටතේ සීතාවක ලංකාවේ ප්‍රබලවත්ම ප්‍රදේශ රාජ්‍ය බවට පත්විය. පෘතුගීසීන් ප්‍රසිද්ධියේත්, අප්‍රසිද්ධියේත් ගෙන ගිය ව්‍යාපාර බෞද්ධ බලය වනසා කතෝලික බලය ව්‍යාප්තකිරීමට හේතූ වූ අයුරු මහාච්‍යාර්ය කොටගම වාචිස්සර හිමියන් “සරණංකර සංඝරාජ සමය” පස්වන පරිච්චේදයේ හේතු සාධක සහිතව දක්වා තිබේ. ආගම ව්‍යාප්තකිරීමට, කඩුවේ , තුවක්කුවේ බලය පවා පෙන්වීමට පෘතුගීසීහු පසුබට නොවූහ. රජවරු, ප්‍රභූවරු, ජනතාව, කතෝලික ආගම වැලඳ ගැනීම, විහාරාරාම කඩා බිඳදමා වැනසීම විහාර දේවාල සතු දේපොල කොල්ලකෑම, රජු ලවා විහාර දේවාල සතු නින්දගම් කතෝලික ආගමට පවරා දීම , භික්ෂුබලය සුනු විසුනු කොට උන්වහන්සේලා අත පැවති ජාතික දේශීය අධ්‍යාපන ක්‍රමය පැහැර ගැනීම වැනි සිද්ධීන් එකී ව්‍යාපාරයේ ප්‍රථිපලවිය. මේ අවාසනාවන්ත තත්වය මත විශේෂයෙන් මුහුදු බඩ පලාත්වල හා කෝට්ටේ රාජ්‍යයේ දක්නට ලැබුන බෞද්ධයන්ගේ සෝචනීය තත්වය බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ වාර්තාවෙන්ද පෙන්වා දී ඇත.
අභ්‍යන්තර බල අරගල නිසාත්, විජාතිකයින් අනුගමනය කල ආගමික ප්‍රතිපත්ති නිසාත් පොදුවේ රටතුල එතෙක් පැවති ආගමික සමෘධිමත් තත්වයද අඩපනව පිරිහීයාම නොවැලැක්විය හැකිය. රජු අබෞද්ධවී බෞද්ධ විරෝධී ක්‍රියමාර්ග අනුගමනය කරන්නට පටන් ගැනීමෙන් බෞද්ධයන්ට කෝට්ටේ වාසය පවා දුෂ්කර විය. බෞද්ධයන්ට අහිතකර වාසභූමියක් වූ කෝට්ටේ හැරදමා භික්ෂූන් වහන්සේලා මෙන්ම සමහර බෞද්ධ ප්‍රභූවරුද සීතාවක, කන්ද උඩරට රුහුන ආදී පෙදෙස්වලට ගියහ.මුල පටන් මේතාක් හැමදා රාජධානියේ වැඩ සිටි දළඳා වහන්සේත් කෝට්ටේ රාජධානියෙන් ඉවත්කර ගැනිමට සිදුවිය. මේ සිදුවීම් දෙස බලන විට සීතාවක රාජධානිය තාවකාලික වශයෙන් හෝ බෞද්ධයන්ට ක්ෂේමභූමියක් වූ බව පෙනේ.
