දහසය වැනි සියවස පුරාම ලංකා ඉතිහාසය තුල දක්නට ලැබෙන්නේ බෙහෙවින් සංකීර්න වූත්, අතිශයින් අනුවේදනීය වූත් සිදුවීම් සමුහයකි. අප රට ආක්‍රමනය කල යුරෝපීය ජාතිකයන්ගෙන් ප්‍රථම ජාතිය වූ පරංගීන්ගේ ලංකාව තරනය සිදුවූයේ මේ සියවස ආරම්භයේ දිමය. අප රටේ අවසන් වරට පැවති ප්‍රබල සමෘදිමත් ඒකීය රාජ්‍ය ගොඩ නැගූ හතටවන ප්‍රරාක්‍රමභාහු මහ රජුගේ අභාවයෙන් පසු හටගත් දේෂපාලන බල අරගල දිගින් දිගටම පැවත්තේය. රටේ ස්වර්ණමය යුගයක් ඇතිකල කෝට්ටේ රාජ්‍ය කැබලි වී ගොස් බිඳ වැටුනේය. රජවරු, රාජ්‍යනායකවරු, ජනතාව වෙනත් ආගම් වැලඳ ගැනීමට පෙලබුනහ. ලක්දිව බුදුසමය ප්‍රථම වරට වෙනත් ආගමක තර්ජනයකට ගොදුරු විය. සංඝයා වහන්සේගේ බලය පිරිහී සාම්ප්‍රධායික දේශීය ජාතික අධ්‍යාපනය විනාශ මුඛයට පත්විය. මේ සියල්ල චිරාගත සම්භවය සංස්කෘතියේ ඉමහත් පරිහානියට හේතු විය. මෙවැනි වාතාවරනයක දහසය වන සියවසේ දෙවන දශකයේ අප රටේ බලවත්ව පණ නැගුන ප්‍රාදේශීය රාජයක් වශයෙන් සීතාවක හැඳින් වීමට පුලුවන
සීතාවක රාජ්‍යයේ කථා පුවත දෙන හැඳින ගැනීම එහි සාසනික තොරතුරු පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමෙහිදී වැදගත් වේ. එබැවින් එහි දීර්ඝ කථාපුවත සැකවින් හෝ හදුන අගැනීම සුදුසුය. ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රකට අභ්‍යන්තර දේශපාලනබල අරගලයක් වශයෙන් “විජයබා කොල්ලය” හැඳින්විය හැකිය. මේ සයවන පැරකුම්බා රජු ඇතිකල සමෘදිමත් තත්වය සහ ස්ථාවරත්වය සුරක්ශිත කොට පවත්වා ගැනීමට තරම්වත් ඔහුගේ පශ්චාත් කාලීන පාලකයෝ අපොහොසත් වූ අයුරු ඔවුන් පිලිබන්දව දක්නට ලැබෙන ඓතිහාසික තොරතුරු වලින් පෙනේ. කෝට්ටේ සිංහාසනය ලබා ගත් හතරවන විජයබාහුද මේ ගනයට වැටෙන පාලකයෙකි. ඓතිහාසික මූලාශ්‍රවල දක්නට ලැබෙන තොරතුරු අනූව ඔහු පොදු රට වැසියාගේ තබා ආරක්ශක හමුදාවේ සහ ස්වකීය පුත්කුමාරවරුන් ගේ වත් ප්‍රසාධය විස්වාශය දිනා ගැනීමට අපොහොසත් විය. ඔහුගේ ක්‍රියාකලපය සැකයටත්, අප්‍රසාදයටත් හේතුවිය. පාරම්පරික සම්ප්‍රදාය නොතකා සිය සොහොයුරන්ට හෝ පුතුන්ට හිමිවිය යුතු සිංහාසනය දෙවන බිසවකගේ පුතෙකුට ලබා දීමට ක්‍රියා කිරිම නිසා හටගත් මෙම අරගලයේ ප්‍රථිපලය වූවේ හතරවන විජයභාහු ජීවිතක්ශයට පත්වීමයි. මෙයට නායකත්වය දුන් පුත්කුමාර වරුන්ට කෝට්ටේ රජ්‍යයේ ආරක්ශකයන්ගේත්, ජනතාවගේත් සහය ලැබින. මේ විජයබා කොල්ලයයි.
