කොනප්පු බංඩාර සමග අන්තිම යුද්ධයට මුහුන දුන් රාජ සිංහයෝ එයින් පරාජයට පත්විය. සීතාවක බලා එමින් සිටි එතුමා තම සොහොයුරියගේ මාලිගාව පිහිටි මත්තම ගොඩට පැමිනියේය. එහි ‍රැදී සිටි එතුමා විවේක සුවය සදහා සොහොයුරිගේ උයන වන පෙතංගොඩ උනට ගියේය. එතැනදී ඔහුට උන ක‍ටුවක් ඇනීමෙන් හෝ සර්පයෙකු දෂ්ථ කිරීම  නිසා බලවත් අසනීප ගතියක් ඇති විය. එතුමා එහිදීම අවසන් හුස්ම හෙලූ බවට ජනකවියන් පැහැදිලි කරයි. තවත් අදහසක් නම් රාජසිංහයන් වටා එවකට සිටියේ මන්ත්‍ර ශාස්ත්‍රය දත් අයය. මෙවුන් සැවොම රාජ සිංහ විරෝධීන්ය.
රජතුමාගේ මරනය ගැන එන තවත් ජන ශෘතියක් නම් රජකමට මාන බලමින් සිටි එල්ලාවල විසූ රාජසූරිය කුමරා එල්ලාවලට නුදුරු ගමක් වන දොඩම්පේ පදිංචි ගනිතයා ලවා රජතුමාගේ තුවාලයට විෂ බැන්දවීමය. මෙම කුමාරයා දොපේ ගනිතයාගේ රූමත් දුව සමග මිත්‍ර වී සිටි නිසා ගනිතයාද රාජ සූරිය කුමරා සමග ඉතාමත්ම මිත්‍ර ශීලීව සිටියේලු.
දොඩම්පේ ගනිතයා පෞද්ගලිකව රාජසිංහයන්ට විරුද්ධව සිටියේය. ඒ ඉහත සදහන් ඔහුගේ දියනියට රාජසිංහයන්ගෙන් අතවරයක් වීමලු. මහලු රාජසිංහයන්ගෙන් අතර වීමට වඩා තරුන රාජසූරියන් සමග පෙමින් සිටී වෙලී සිටීම ඔහුගේ මනාපය බව මෙයින් සිතිය හැක.
දොඩම්පේ ගනිතයාගේ ගම වුවත් ඔහු මේකාලය වන විට පදිංචිව සිටියේ පෙතංගොඩට නුදුරු ගමක් වන ගෝනගල බවද සමහරුන්ගේ මතයකි. රජතුමා අසාධ්‍ය වූ විට රජතුමාට විරුද්ධ අය මොහු ගෙන්වා විෂ බැන්ද වූ බවට ඔවුන් අදහස් දක්වති.
දොඩම්පේ ගනිතයා අසාධ්‍ය වූ රජතුමාට විෂ බැද වීමට කැදවාගෙන එන ලද්දක් නොව ඔහු කැදවාගෙන එන ලද්දේ ප්‍රථිකාර කිරීමට බවත් ගුන මකු ගනීතයා ඒ වෙනු වෙන් කලේ විෂ බැදීම බවද මතයකි.දොඩම්පේ ගනිතයා එකල විසූ දක්ෂ මන්ත්‍ර කරුවෙකි. නමුත් ඔහුටත් රජතුමා සුවපත් කල නොහැකි විය. ඒ නිසා ඔහු එතුමාට සූනියම් කල බවට ඇතිවූ කටකථාව පසුව ජනංප්‍රවාදයක් බවට පත්වුනු බවද කියවේ. දොඩම්පේ ගනිතයා විසුවේ යැයි කියන ඉස්ථානයක් පෙතංගිඩ උයන තුල ඇත. නමුත් අපට සිත අගත හැක්කේ එම  ස්ථානය රෝගාතුරවූ රජතුමාට උවටැන්කල ස්ථානය ලෙසටයි.
පෙතංගොඩ උයන තුල ඇති ක‍ටු උන පඳුර වටා නාගයන් ගැවසෙන බව පවසන එහි ගැමියෝ රාජසිංහයගේ මරනය සිදුවූයේ සර්ප විෂයෙන්ම බව පවසති. එය සනාථ කිරිමට ඔවුන් දක්වන්නේ මහනුවරින් පැමිනියාය කියන ” නුවර ගෙදර” පරම් පරාවය. රජතුම අබලවත් ලෙස ගිලන් වූයේ උන ක‍ටුවක් ඇනී මෙන් නොව සර්ප විෂෙන් බව තීර්නය කල රාජ පුරුෂයෝ දක්ශ වෙදමතෙකු කැදවා ගෙන ඒමට මහනුවරට දූතයෙක් පිටත්කර හැරියේය. නමුත් වෙදමහතාගේ පැමිනීම ප්‍රමාද විය. ඒ නිසා නරපතියන් සීතාවකට කැදවාගෙන ඒමට ඔවූහු තීරනය කලහ. කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ වෙදමහත අපැමිනියේය. එවිට රජතුමා කැදවා ගෙන ගොස්ය. ගම්වාසීන්ගේ ආගන්තුක සත්කාර විදි වෙද මහතා එම ගමෙන්ම පෙලවහක් කරගෙන එහි පදිංචි විය.