හදාරන්නන් පෙන්වා දෙන්නේ සිතාවක යුගය පිලිබදව වඩාත්ම වැදගත් කෘතිය වන්නේ “සීතාවක රාජසිංහ රාජ්ජ්‍ය” කාලය නම් කෘතිය බවයි. මානියම්ගම විහාරවාසීව සිටි සිටිනාමළුවේ ධර්මපාල හිමියන් විසින් රචිත පි‍ටු 20ක පුස්කොල පොතක් වන මෙහි ක්‍රි.ව. 1521 සිදුවූ විජයබා කොල්ලයේ සිට සීතාවක රාජසිංහ රජතුමක්ගේ මව වූ බෝතලගෙයි සුමනාදෙවීන් වහන්සේගේ මරනය සිදුවූ කාලය දක්වා එනම් කෙරි.ව. 1596 දක්වා වූ කාලය තුලදී සීතාවක රාජධානිය පිලිබදව තොරතුරු වලින් සමන්විතව ඇත. හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ස්වාමීන්වහන්සේ රජවාසලට හිතවත් බවක් දැක්වූ අයෙකු වූවද මෙම සටහන් කිරිම් වලදී පක්ෂක්ග්‍රාහී නොවී කටයුතු කර ඇති බව යි.
විශේෂයෙන් මෙම ග්‍රන්තය තුලින් පෘතුගීසීන් හා ඔවුනට පක්ෂපාතී අයවලුන් විසින් සිංහල ජාතියට , ආගමට මෙන්ම දේශයට කරන ලද විනාශය මතුපරපුරේ දැන ගැනීම සදහා මනාව සටහන් කොට ඇති බවට මෙන්ම රාජසිංහ රජතුමා පීතෲඝාතකයෙකු ලෙසට වන චෝදනා අසත්‍ය බවටත් එත්මන්ගේ රණශූරත්වය ඉදිරියේ අසරනවූ හතුරන් විසින් නෙක දුර්මත ඔස්සේ කරන්නට උත්සාහ කල කීර්තිය විනශ කිරීමක් පමනක් බවටත් මේ තුලින් ඔප්පු වන බවට හදාරන්නන් අවධාරනය කරන්නට කටයුතු කරතිබේ.