සීතාවක යුගය ගැන වටිනා තොරතුරු ‍රැසක්ම ඇතුලත් ඉතිහාස ග්‍රන්තයකි. මනියම්ගම විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල ස්වාමී වහන්සේ ක්‍රි.ව. 1599 පමන රචනා කරන ලද්දකි. පත්තිරු 20 කි. පත්තිරුවක ප්‍රමනය 18*2 කි. පි‍ටුවක පේලි 8 කි. පැහැදිලි කුඩා වටකුරු අත් අකුරු හුරුබුහුටි අතකින් ලියවී ඇත. ක්‍රි.ව. 1521 සිදුවූ විජයබා කොල්ලයේ සිට සීතාවක රාජසිංහ රජතුමාගේ මෑනියන් වූ බොතලගෙයි සුමනා දෙවියගේ මරනය සිදුවූ ක්‍රි.ව. 1596 දක්වා සීතාවක රාජධානියේ සිදුවූ සියළු වැදගත් සිද්දීන් හා අප්‍රකට තොරතුරු ‍රැසක් සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය නම් කෘතිය ඉදිරිපත් කරයි. සමහර අවස්ථාවල අලකේශ්වර යුද්ධය නම් කෘතියේ තොරතුරු හා සමානව ලියවී ඇතත් අලකේශ්වර යුද්ධයේ නැති වදගත් තොරතුරු ‍රැසක් සීතාවක රාජසිංහ රාජ්‍යකාලයේ දක්නට ඇත.කතුවරයා සීතාවක රජවාසල සමීප සම්බන්දතා තිබුනද අපක්ෂපාතී හා මධ්‍යස්ථව තොරතුරු ඉදිරිපත් කර ඇත.
මෙම කෘතිය රචනා කිරීමේ අරමුන ලෙස පෘතුගීසීන් හා ඔවුන්ට පක්ෂ පාතී පිරිස රටට ආගමට කරන විනාශය මතු පරපුරට පෙන්වා දෙන්නටත් සීතාවක රාජසිංහ රජතුමා බෞද්ධ විරෝධියෙකු, පීතෘ ඝාතකයෙකු, දුෂ්ට පාලකයෙකු ලෙසට ඇති චෝදනා අසත්‍ය බව දක්වන්න්නටත් රචනා කල බවය.
-පොත පත ඇසුරිනි.