සීතාවක සේනාව රාජසූරිය කුමරුගේ අකටයුතු බිසෝ අදහසින්ම දන්වා යැවූ පසු, කඳුරගස් කපොල්ලේ උන් මාන්නප්පෙරුම මොහොට්ටාලට පනිවිඬ යවා ගෙන්වා මෙයට සුදුසු පිලියමක් යොදන ලෙසට දන්වා සිටියාය. මාන්නන්ප්පෙරුම් මොහොට්ටාල රාජසූරිය කුමරුදොඩම්පේ ගනිතයාගේ දුව උන් වාඩියට රාත්‍රියේ ගිය පසු පහර දී කුමාරය මරන ලදී. ඉන් පසු සීතාවක රජ බවට පත්වූවේ බිසෝ අදහසින්ගේ පස් හැවරිදි කුමාරයාය. මේ කුඩා කුමාරයා රාජ්‍ය උරුමයේ තබා බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල රාජය පාලනය කල බව සිතා ගත හැකිය. මේ සිද්ධිය හා සසධන විට රාජසූරිය කුමාරයා මැරවීමට බිසෝ අදහසින් හා මාන්නප්පෙරුම මොහොට්ටාල කුමන්ත්‍රනයක් කල බව සැලකීම වඩාත් යුත්ති සහගතය. මේ කුමාරයාගේ නම හෝ පියා හෝ ගැන යමක් රාජාවලියේ සදහන් නොවේ. මේ සිද්ධිය කූතෝ ක්වේරෝස් යන දෙදෙනා ගේම වාර්ථාවල දැක්වේ. එහෙත් නම සදහන් වන්නේ ක්වේරෝස් ගේ වාර්ථාවේ පමනී. ක්වේරෝස් මේ කුමාරයාගේ නම “නිකපිටිය අදහසින්” ලෙස වාර්ථා කරයි. අද හසින් යනු කුමාරයා කුමාරිය යන දෙකටම භාවිතාකල පොදු වචනයක් වූවෙන් ඔහුගේ නම නිකපිටිය කුමාරයා, නිකපිටිය බණ්ඩාර විය.
බිසෝ අදහසින් හා මාන්නප්පෙරුමමොහොට්ටාලගේ කුමන්ත්‍රනය මෙතැනින් කෙරවල නොවීය. රාජ්‍ය නිලධරයෝ ඔහු කෙරෙහි විරුද්ධ වූහ. උපහාසාත්මක කවි පද බැඳ සීතවක වීදි වල මහ ජනයා ලවා කියවූහ. මෙයින් මහජනයාට මුහුන දීමට නොහැකි වූ මොහොට්ටාල මොරවත්තට ගොස් සිටියහ. බිසෝ අදහසින් පනිවිඬයක් යවා නැවතත් සීතාවකට ගෙන්වා ගත් මනම්පේරි මොහොට්ටාලට පෙර සේම උපහාසාත්මක ගායනා වලට මුහුන දිමට සිදුවූ නිසා තද බල ලෙස කනස්සල්ලට පත්විය. සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධයත්, අපහාසත් විඳ දරාගත් නොහැකි වූ මාන්නන්ප්පෙරුම මොහොට්ටාලගිරාඉඹුලේ කොටුඅට ගොස් අඟුලග නැගී රහසේම කඩුදෙවොල රග්ගහ වහ්තට පැමින එතැනින් කොළඹට වෙස්වලාගෙන ගොස් ධර්මපාල රජු හමුවිය. ධර්මපල රජුද “ජයවීර බණ්ඩාර” යන පටබැඳි නාමය දී තමාගේ සේනාවට සම්බන්ද කර ගත්හ.
– පොත පත ඇසුරෙනි
