“සීතාවක” යන නාමය ප්‍රසිද්ධියට පත් මුල් කාලයේදී රාජ්‍ය පාලනය අතින් වැදගත් ප්‍රදේශයක් වශයෙන් සැලකීමට ඓතිහාසික සාධක මෙතෙක් හමුවී නැත. ගජබාහු රජුගේ මරනින් පසු ක්‍රි.ව. 1153 දී එක්වන පරාක්‍රමභාහු රුහුනේ අධිපතිව සිටි මාණාභරනට එරෙහිව දකුනු දෙසින්ද සේනාව මෙහෙය වීය. කේෂ ධාතු දේවිල හා කේෂධාතු ලෝක යන නායකයන් දෙදෙනාගේ හමුදාව පලමුව කදවුරු බැඳ ගත්තේ ‘මහනිය්‍යම’ ප්‍රදේශයේ බව චූල වංශය කියයි. මහාපරාක්‍රමභාහු රජුගේ කාලය වන විට සීතාවක ප්‍රසිද්ධ ස්ථාන නාමයක්ව නොතොබූ බව “මහානිය්‍යම” -මහානියම්ගම- මානියම්ගම- සදහන් කිරීමෙන් මනව පැහැදිලි වේ.
සීතාවක , වැදගත් ස්ථානයක් වශයෙන් ලංකා ඉතිහාසයේ සදහන් වන්නේ ක්‍රි.ව. 1521න් පසුවය. ක්‍රි.ව. 1521 ඇති වූ විජයබා කොල්ලය නමින් හඳුවනු ලබන රාජ්‍ය පෙරලිය නිසා විජයබාහු රජු මරනයට පත්වූ අතර කෝට්ටේ රාජ්‍ය ඔහුගේ පුතුන් තිදෙනා අතර බෙදී ගියේය. වැඩි මහල් පුත් බුවනෙකභාහුට කෝට්ටේ රාජ්‍යයත් දෙවන පුත් රයිගම්බණ්ඩාරට රයිගම්පුර ප්‍රදේශයත් මායාදුන්නේට සීතාවක රාජ්‍යයත් වෙන්කර ගැනිනි. කෝට්ටේ ප්‍රධාන රාජ්‍ය අතර රයිගම හා සීතාවක ප්‍රාදේශීය රාජ්‍යය විය. මායාදුන්නේ සීතාවක සිට ප්‍රදේශය පාලනය කිරීමට ආරම්භ කිරීමත් සමග සීතාවක රාජ්‍යයේ ආරම්භය ඇති වූවේය.
සීතාවක රාජයය කාලය අවුරුදු හැත්තෑ තුනක් පමන සුලු කාලයකට සීමා වූ අතර ප්‍රධාන වශයෙන් රජවරු දෙදෙනෙකුගේ කාලයට එය සීමා වූයේ යැයි කියුවද වරදක් නැත.
1. මායාදුන්නේ රජු – ක්‍රි.ව. 1521 – 1581 අවුරුදු 60
2. එක්වන රාජසිංහ රජු ක්‍රි.ව. 1581 – 1592 අවුරුදු 11
3. රාජසූරිය කුමරා ක්‍රි.ව. 1592
4. පස් අවුරු කුමාරයා ( නිකපිටියේ අදහසින්)
– පොත පත ඇසුරෙනි