රාජසූරිය කුමරගේ හා නිකපිටිය කුමාරයාගේ නම් චූලවංශයේ සදහන් නොවේ. රාජාවලිය විස්තරය අනූව මායදුන්නේ අවුරුදු 70ක් රජකම් කර තිබේ. මායාදුන්නේ 85 වසරක් ජීවත්වූ බව කේරෝස් කියයි. රජු මියයන විට වයස 80ක් බව කූ‍තෝ කියයි. රාජවලියේ වාර්ථාව සත්‍ය වීමට නම් මායාදුන්නේ වයස 10 දී රජ විය යුතුයි. ඒ පිලිගත හැක්කක් නොවේ. මායාදුන්නේ අවුරුදු (1581 – 1521) 60 ක් රජකම් කර ඇති නිසා කූ‍තෝ ගේ වාර්ථාව වඩා නිවැරදි බව සිතිය හැකිය. එය කවර ලෙස පිලිගත හොත් වයස 20 දී මායා දුන්නේ රජවී තිබේ. කේරෝස්ගේ වාර්ථාව පිලිගත හොත් වයස අවුරුදු 25 දී රජවී තිබේ..
මායාදුන්නේට සාමකාමී ජීවිතයක් ගත කිරීමට මායාදුන්නේ රජුට අවස්ථාව තිබූ බව නොපෙනේ. එක් පසකින් කෝට්ටේ රාජ්‍ය හා පෘතුගීසී අතර ආරවුල් හා අනිත් අතින් සීතාවක රාජ්‍ය තුලෑති වූ අභ්‍යන්තර වියවුල් හා කැරළි කෝලහල නිසා නිදහස් සාමකාමී ජීවිතයක් ගත කිරීමට මායාදුන්නේ රජුට අවස්ථාව නොලැබුනි. ක්‍රි.ව. 1531දී රයිගම් බන්ඩාර මිය ගිය පසු රයිගම් ප්‍රදේශය සීතාවක රාජ්‍යයට අයත් කර ගති. ඒ අතර බුවනෙකභාහු රජු, කෝට්ටේ රජ්‍ය ධර්මපාල කුමාරයාට පැවරීමට කටයුතු පිලියෙල කල නිසා මායාදුන්නේ කෝට්ටේ රජ්‍ය කෙරෙහි තදින් කිපුනේය. මේ නිසා මායාදුන්නේ නිතර නිතර කෝට්ටේ රජ්‍යයෙහි ආරවුල් ඇති කලේය. මේනිසා සීතාවක හා කෝට්ටේ අතර සටන් ඇවිලිනි. මායාදුන්නේ මැඩපැවත්වීමට සිතූ බුවනෙකභාහු රජු පෘතිගීසීන්ගේ උදවු ඇතිව සීතාවක ආක්‍රමනය කර, මායාදුන්නේ රත්නපුරයේ බ‍ටු ගෙදරට පලවා හරින ලදී. බුවනෙකබා රජු කිහිප දිනක් සීතාවක සිට ආපසු ගිය විට සීතාවකට පැමිනි මායාදුන්නේ නැවතත් කෝට්ටේ ආරවුල් ඇති කලේය. මේ අවස්ථාවේ පෘතුගීසී හු සීතාවක ආක්‍රමනය කර නගරය ගිනිතබා විනාශ කලහ. මායාදුන්නේ ‍රැකවරනය පතා දැරනියගලට ගොස් කෝට්ටේ හා සීතාවක අතර සාමධානයක් ඇතිකර ගති. මේ සාමධානයද වැඩිකල් නොවීය.
– පොත පත ඇසුරෙනි