මාදම්පේ තනියවල්ලභ කුමරුගේ දුව වන සමුද්‍රා දේවී කුමරිය සෝල් කුමරෙකු හා විවාහ වීමෙන් උපන් වීදියේ බණ්ඩාර හා තම්මිට බණ්ඩාර යන දෙදෙනා ගෙන් වැඩි මහලු වීදියේ බණ්ඩාරට බුවනෙකභාහු රජුගේ දුවනිය පාවා දෙන ලදී මේ දෙදෙනාට ධර්මපාල කුමාරයා ලැබුන පසු මව මිය ගියාය. මායාදුන්නේගේ දුව වූ කුඩාටිකිරි අදහසින් (කුමරිය) වීදියේ බණ්ඩාරට සරණකර දෙනු ලැබුවාය. මේ විවාහයෙන් පසුවද කෝට්ටේ රාජ්‍යය හා මිතුරුකමක් මායාදුන්නේ හා නොවීය. නැවත කෝට්ටේ රාජය තුල කැරළි ඇති කිරීමට මයාදුන්නේ පටන් ගත් නිසා පෘතුගීසී හා කෝට්ටේ සේනාව සීතාවකට පහර දීමට සූදානම්ව කැළණියේ කඳවුරු බැඳ සිටියහ. බුවනෙකභාහු රජු ගම් ඉවුරේ සක්මන් කරන විට පෘතුගීසී හේවායෙකුගේ වෙඩි පහරක් හිසට වැඩී මිය ගොයේය. පෘතුගීසී හමුදාව කලින් කතිකා කරගෙන තිබූ පරිදි ධර්මපල කුමරු කෝට්ටේ රාජ්‍යයේ පිහි‍ටුවා ගෝවට හා පෘතුගාලයට ලියා ඇරියහ. මායාදුන්නේට හිමිව තිබුනු කෝට්ටේ රාජ්‍යය අහිමිවීම නිසා කෝට්ටේ හා සීතාවක අතර මතභේදය තවත් උග්‍රවිය. ධර්මපාල රජු කෝට්ටේ සේනාව හා පෘතුගීසී සේනාව සමග සීතාවක ආක්‍රමනය කලේය. මායාදුන්නේ ආරක්ෂාව පතා දැරනියගලට ගියේය, සතුරු හමුදාව සීතාවක නගරය ගිනිතබා විනාශ කලහ. මෙසේ මායාදුන්නේ තෙවරක්ම සීතාවක ගොඩනගන ලද ගොඩ නැගිලි සතුරු හමුදාව විසින් විනාශ කිරීම නිසා සීතාවක ගොඩ නැගුනු ශ්‍රිවිභූතිය විනාශ විය.

මේ අවධියෙන් පසු 1593 වන තෙක් සීතාවක රාජ්‍යධානිය ආක්‍රමනය කිරීමට සතුරු හමුදා අසමත් වුවත් මායාදුන්නේ හා රාජසිංහ යන දෙදෙනාටම ධරුනු සටන් කිරීමය්ට සිදුවිය. එක් පසකින් කෝට්ටේ ධර්මපාල හා පෘතුගීසී හමුදාවන් සමගද පැලෑඳ නුවර සිටි වීදියේ බණඩාර සමගද අනෙක් පසින් කන්ද උඩරට පාලකයන් සමගද නොනවතින සටනක් කිරීමට සීතාවක රජවරුන්ට සිදුවිය. මායාදුන්නේගේ වැඩිමහල් පුත් රජ්ජුරු බණ්ඩාර මේ අවස්ථාව වන විට මිය ගොස් සිටියේය. දුවබිසෝ කුමරිය වීදියේ බණ්ඩාර හා සරණ් අගොස් සිටියාහ. ඒ නිසා රාජ්‍ය පාලන කටයුතු වලට පෙර මුන ගෙන කටයුතු කිරිමට ඉතිරිව සිටියේ තිඹිරිපල කුමාරයා හා බාලම පුත් රිකිරිබණ්ඩාර පමනී. මේ නිසා ලාබාල වියේ සිට (සමහර විට අවුරුදු 12 දී පමන) ටිකිරි බණ්ඩාරට රාජ්‍යපාලනයේ වගකීම ගෙන සටන් පෙර මුනට යාමට සිදුවිය.
– පොත පත ඇසුරෙනි