මයාදුන්නේ රජුගේ අනුමැතිව ඇතිව තිඹිරිපොල කුමරු ටිකිරි බණ්ඩාර හා වික්‍රමසිංහ මුදලි යන තිදෙනා එක්ව සටන් මෙහෙය වූහ. මේ සටන් වල ප්‍රථිපලයක් වශයෙන් වීදියේ බණ්ඩර පැලෑඳ නුවරින් පලවා හැර බිසෝ කුමරිය හා දියනිය සීතාවක කැඳව අගෙන ආහ. සතර කෝරලයේ කැරැල්ල මැඩ පවත්වා ආරක්ෂාව ස්ථාපිත කරහ. පැලෑඳ නුවරින් පලාගිය මනම්පේරි ආරච්චිල මාතර බලකොටු බැඳ සිටින විට ඔහු හා සටන් වැදී පලවා හැරියහ. මේ අවස්ථාව වන විට මයාදුන්නේ රජු මියගියෙන් රජබවට පත්වූයේ ටිකිරි බණ්ඩරය. මේ වන විට වැඩි මහල් පුත් තිඹිරිපොල කුමාරයාද මිය ගොස් සිටින්නට ඇත. සීතාවක රාජ්‍යයේ සියලුම වගකීම් හරය කරට ගත් එක්වන රාජසිංහ රජු පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැර එක්සත් ශ්‍රීලංකාවක් ගොඩ නැගීමට මුලු ජීවිතකාලයම කැපකර සටන් කරේය.
ක්‍රි.ව. 1521 දී ප්‍රදේශීය රාජ්‍යයක් වශයෙන් ආරම්භ වූ සීතාවක රාජ්‍යය ක්‍රි.ව. 1531 දී රයිගම් බණ්ඩාරගේ මරනින් පසු රයිගම රාජ්‍යයද ක්‍රි.ව. 1565 දී කෝට්ටේ රාජයයෙන් අල්ලා ගත් කොටසින්ද විශල කර ගැනීමට හැකි විය. මායාදුන්නේ රජුගේ අවසාන කලයේදී රාජ්‍යපාලන කටයුතු හා විශේෂයෙන් යුධ කටයුතු මෙහෙය වූ ටිකිටි බණ්ඩාර කුමරු ක්‍රි.ව. 1581 දී පිය්ටාගේ මරනින් පසු එක්වන රාජසිංහ යන නමින් රජ පැමින ලංකාවේ අසහාය නායකය බවට පත්විය. කෝට්ටේ ධර්මපාල රජු කිතු සමය වැලඳ ගැනීමත්, දළඳා වහන්සේගේ භාරකාරත්වය සීතාවකට හිමිවීමත් නිසා ලංකාවේ අගරජු එකවන රාජසිංහ බව ලක්වැසියන්ගේ පිලිගැනීම විය. ක්‍රි.ව. 1582 දී සෙන්කඩ ගල රාජධානියද සීතාවක රාජයයට එක් වීමෙන් ප්‍රධාන රජු බවට පත්විය. මන්නාරමට උතුරෙන් යාපන රාජ්‍යද හලාවත සිට වලවේ ගඟ දක්වා වූ පටු බිම් තීරුවට සීමා වූ පෘතුගීසී පලන ප්‍රදේශය හැර ඉතිරි ප්‍රදේශයේ පාලකයා වූ එක්වන රාජසිංහ රජුගේ ඊලග ඉලක්කය වූවේ පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමයි.
– පොත පත ඇසුරෙනි
