එක්වන රාජසිංහයන්ගේ මරණයෙන් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජකමට පත්විය. ඉන් පසු එල්ලාවල උන් රාජසූරිය කුමාරයින්ට රාජ්‍ය බාරකරවා සිංහසනා ප්‍රාප්ත කලහ. යන පාථය විනා රාජසූරිය කගේ කවුදැයි රාජාවලිය නොදක්වයි. ඔහු රාජසිංහ රජුගේ වැඩි මහල් පුත්‍රයා බව කූ‍තෝ දක්ව ඈත. රාජසූරිය, එකවන රාජසිංහ රජුගේ මුනුපුරෙකු බව වැලන්ටයින් සදහන් කරයි. රාජසිංහ රජුට බිසෝවරුන් කිහිපදෙනෙකු සිටි බවත්, රාජ්‍යයට හිමි කුමාරයා කලින් මරවන ලද බවත් සදහන් කරන ක්වේරෝස් වාර්ථාව මෙහිදී වඩාත් වැදගත් වෙයි. මේ අනූඋව රාජසූර්ය ප්‍රධාන බිසවගේ පුත්‍රයා නොවන බවට සැකයක් මතුවෙයි. මොහුගේ මරනයද ඉතා රහසිගත අන්දමින් සිදුවීමද මේ සැකයට හේතුවේ. රාජසූරිය කුමරු රජු බවට පත්වූ පසුද දොඩම්පේ ගනිතයාගේ දුව සමහ පැවත්වූ අනියම් සම්බන්දය නතර කලේ නැත. සම්බන්දය වඩාත් ඉතිර තත්ව්යට පත්කිරීම සදහා කටයුතු කල රාජසූරිය කුමරු ඇය සීතාවකට කැදවා ගෙන වුත් මානියම්ගම එක්තරා ස්ථානයක රඳවා හැමදාම රාත්‍රී එතැනට යමට පුරුද්දක් කරගෙන සිටියේය. දොඩම්පේ ගනිතයාගේ හා රාජසූරිය අතර සම්බන්දය නිසා රාජ්‍ය බලදරයා බවට පත්ව සිටි මාන්නප්පෙරුම මොහොට්ටිගේ සහය රාජසූරියට නොලබෙන්නට ඇත. මේ වන විට මායාදුන්නේ රජුගේ දියනිය වූ බිසෝ අදහසින් රාජ්‍ය ලබා ගැනීමට කුමන්ත්‍රනයක් කලාය. ඇය කලින් වීදියේ බන්ඩාරට විවාහ කරදෙනු ලැබ සිටියාය. වීදීයේ බණ්ඩාර කල අතවර නිසා මායාදුන්නේ රජුගේ නියමය පරිදි රාජසිංහ කුමරු එවකට වීදියේ බණ්ඩාර සිටි පෑලෑඳ නුවරට පහර දී බිසෝ අදහසින් හා ඇගේ බාල දියනියත් අල්ලා ගෙන සීතාවකට කැ‍ටුව ආවේය. ඉන් පසු ඇය මත්ත්මගොඩ පදිංචියට ගියාය. මේ අවදියේදී ඇය වෙනත් අයෙකු හා නැවත විවාහ සිටින්නට ඇත.
– පොත පත ඇසුරෙනි