විජයබහු හා බිසවද කඳුරේ බණ්ඩාර හා ඒකනායක මුදලිද දේවරජ කුමාරයාට රජකම පවරාදීමට කුමන්ත්‍රනය කල නිසා රාජ්‍යයට නියම හිමිකම් ඇති බුවනෙකබාහු, රයිගම්බණ්ඩාර හා මායාදුන්නේ විජයබාහු රජු මරනයට පත්කර කෝට්ටේ රාජ්‍යය තිදෙනා අතර බෙදා ගත්හ.
වීරප්‍රරාක්‍රමබාහු රජුගේ දෙවැනි බිසවගේ බාලපුත්‍රයා වූ තනියවල්ලභ කුමරයාගේ දියනිය වූ සමුද්‍රාදේවිය සොලීකුමරෙකු හා විවාහ වී වීදීයේ අදහසින් (වීදියේ බණඩාර) හා තම්මිට අදහසින් (තම්මිට බණ්ඩාර) යන දරු දෙදෙනා ලබුවය. වීදියේ බණඩාර කය ශක්තියෙන්ද උපාය හා ක්‍රියාශූරත්වයෙන්ද කඩුහරඹ , අසුන් මෙහෙයවීම, යුධශිල්ප වැනි රාජ්‍ය පලනයට අයත් සැම අංශයක්ම හසල දැණුමක් හා පලපුරුද්දක් ඇති තේජෝබල පරාක්‍රමයෙන් යුත් අසහාය තරුනයෙක් විය. අනිත් අතින් අතිශය දරුනු සාහසික ගතිගුනවලින් යුත්ත විය. කෝපවිෂ්ට වූ විට නීතිය හා යුත්තිය නොපිලිපදින හිතුවක්කාරයෙක් විය.
එක් අතකින් පෘතුගීසී බල්කපෑම් වලින්ද අනික් අතින් සීතාවක තර්ජනවලින්ද මිරිකී සිටි බුවනෙකබාහු තම දියනිය වූ “සමුද්‍රා දේවිය” වීදියේ බණඩාරට විවාහකර දුන්නේ කෝට්ටේ රාජයයට යුද්ධමය ශක්තියක් අපේක්ෂාවෙනි. මාදම්පේ සිට කෝට්ටයට පැමිනි වීදියේ බණඩාර බුවනෙකබාහු රජුගේ අපේක්ෂාවන් ඉටුවන පරිදි මූලදී කටයුතු කලේය.
වීදියේ බණඩාර -සමුද්‍රාදේවී යන දෙදෙනාට “ධර්මපාල” හා “විජයපාල” නම් දරුවෝ දෙදෙනෙක් වූහ. බුවනෙකබාහු රජුගෙන පසු කෝට්ටේ රාජ්‍යය ධර්මපාල කුමාරයාට හිමිකර දීමට තීරනය කල රජු පෘදුගීසී සහය ලබා ගැනීමට කටයුතු කලේය. බුවනෙකබා රජුගේ මරනින් පසු වීදියේබණඩාර , කලින් කථිකා කරගෙන තිබූ පරිදි පෘතුගීසීන්ගේ උදවු ඇතිව ධර්මපාල කුමාරයා කෝට්ටේ රාජ්‍යයට පත්කර ගෙන, කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂකයා බවට ද පත්විය. මේ අතර සමුද්‍රා දේවී බිසවද මිය ගියාය. පෘතුගීසීන්ගේ සාහසික ක්‍රියා ගැන කලකිරුනු වීදීයබණඩාර කෝට්ටේ අතහැර තම සේනාවත් සමග දකුනට ගමන් කර ගාලා දක්වා වූ ක්‍රිස්තියානි දේවස්ථාන විනශ කලේය. ගාලුවරායේ තිබූ පෘතුගීසී නැව්ගිනි තැබුවේය. ස්වධීන පාලකයෙකු ලෙස කටයුතු කිරීමට පටන්ගත්තේය. මේ අවස්ථාවේදී, සීතාවක මායදුන්නේ රජු තම දුව වූ බිසෝ අදහසින් රහස් උමගක් කනවා තම ස්වමියා නිදහස්කර ගත්තාය. ඉන්පසු පැලෑඳට ගිය ඔහු පස්යොදුන් රට පාලකයා ලෙස කටයුතු කලේය. අඹුසැමියන් අතරවූ ආරාවුලක් දිග්ගැස්සී නිතර නිතර තම බිසවට හිරිහැර හා අඩම්තේට්ටම් කිරීමට වීදියේබණ්ඩාර පුරුදුව සිටියේය. මේ අමනාපය දැන්ගත් මායාදුන්නේ කරුනු යැවුවත් නිසි පිලිතුරක් නොලැබුන නිසා දියනිය මුදා ගැනීමට රාජසිංහ කුමරු යටතේ සේනාවක් පැලැඳට යැව්වේය. සතිරාට සාර්ථකව මුහුනදීමට අපොහොසත්වූ වීදියේ බණ්ඩාර තම පුත් විජයපාල අසථාන සමග රාජ්‍ය භාන්ඩත් රැගෙන උඩරටට පලා ගොස් ජයවීර ටජුගේ ආරක්ශාව පැතීය. බිසෝ අදහසින් හා දියනිය සීතාවකට කැඳවාගෙන එනු ලැබුවාය.
– පොත පත ඇසුරෙනි.
