අවසාන මොහොතේ වීදියේ බණ්ඩාර යාපනයට යාමට අදහස් කලේ ආධාර ලබා ගැනීමට වෙනත් කෙනෙක් නොසිටි නිසාදනැතහොත් වෙනස් හේතුවක් නිසාද යනු සලකා බැලිය යුතුය. තම පුත් ධර්මපාල රජුගේ ආරක්ශකයන් බවට පෘතුගීසීන් පත්ව සිටින නිසා කෝට්ටේ රාජ්‍යය බලා ආපසු යාමට අකමැති වූවා විය හැක. මේ අවස්ථාව වන විට සීතාවක රජ්‍යය ව්‍යාප්ත වී තිබුන හෙයින් සීතාවකට විරුද්ධ බලවත් ප්‍රදේශීය පාලකයෙක් නොසිටීමද හේතු විය හැකිය. වීදියේ බණ්ඩාරගේ පියා ද්‍රවිඩ රාජ කුමාරයෙක් යැයි වැලන්ටයින් කියන කථාව මෙහිදී සිහියට නැගේ. තාරාකුලමේදී වීදීයේ බංණ්ඩාර වටකල දෙමල සේනාව වීදීයේ බණ්ඩාර හා නයිදේ නම් සෙනවියාද මරනයට පත්කර බොහෝ වස්තුව කොල්ල කා ගත්බව රාජවලිය කියයි. වීදීයේ බණ්ඩර පෑලෑඳ නුවරදී රාජසිංහ කුමරුන්ට පැරද පලා යන අවස්ථාවේ රජකට්ටලත් විජයපාල අස්ථාන පුත්‍රයත් ‍රැගෙන ගිය බව රාජාවලියෙහි දැක්වේ. රාජකට්ටල යනුවෙන් රාජාවලියෙහි දැක්වෙනුයේ මේ සදහන් වස්තුව විය හැකිය. වීදීයේ බණ්ඩාරගේ පුත් විජයපාල අස්ථානද මේ සටනේදී මියගියේය.
-– පොත පත ඇසුරෙනි.