සීතාවක රාජ්‍ය හා සම්බන්ද තොරතුරු සොයා බැලීමේදී පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් සදහන්වේ. මෙසේ සදහන් වන සමහරෙකුගේ තොරතුරු වෙනත් ලිපිලේඛන මාර්ගයෙන් සොයා ගත හැකි වන අතර තවත් සමහරෙකු ගේ තොරතුරු සොයාගත නොහැකිව තිබේ. මෙසේ වෙනත් ලේඛන මර්ගයෙන් තොරතුරු සපයා ගත හැකි, සීතාවක ඉතිහාසයට වැදගත් යැයි සැලකෙන කිහිපදෙනෙකුගේ විස්තර මෙහි ඇතුලත් වේ.
1. වීදියේ බණ්ඩාර – “කෝට්ටේ ව්‍යාග්‍රයා”
කෝට්ටේ රජකමට පත් වීරපරාක්‍රමබාහු (අම්බුළුගල කුමාරයා) 1477-1496 එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක් විවාහ කරගෙන සිටියේය. වැඩිමහල් බිසෝවට වීරපරාක්‍රමබාහු, විජයබාහු, රාජසිංහ, රයිගම් නුවර සිටි කුමාරයා සහ දියනියක් යන දරුවන් පස් දෙනෙකු සිටියහ. බාල බිසවට සකල කලා වල්ලභ හා තනිය වල්ලභ යන පුතුන් දෙදෙන සිටියහ. මේ බිසෝවරු දෙදෙනගේ දරුවන් අතර සාමදානයක් හා සහයෝගයක් පැවතිනි. මේ කුමාරවරු රටේ නොයෙක් පලාත්වල නතර වී ප්‍රදේශීය පාලකයන් වශයෙන් කටයුතු කලහ. වැඩි මහල් පුත් කෝට්ටේටද, විජයබාහු හා රාජසිංහ යන දෙදෙනා එකම බිසවක් අවාහ කරගෙන මැකින් කඩවරද, බාලකුමරු රයිගමද සිටි අතර සකලකලා වල්ලභ උඩුගම් පලද තනියවල්ලභ මාදම්පේද විසූහ.
මේ අතර උඩරට කැරලි ඇතිවිය. මැණික් කඩවර උන් රාජසිංහ කුමරු සේනාව සංවිධානය කර කීරවැල්ලේ මහරාලහාමීන්ට භාරකර උඩරට පිටත්කර හැරියේය. කැරැල්ල මැඩ පැවැත්වූ කීරවැල්ලේ මහරාලහමීට උඩරට රජුගේ දියනිය විවාහ කරදී සමතයකට පත්විනි. කීරවැල්ලේ මහරාලහාමිට මේ විවාහයෙන් පිරිමි දරුවන් හය දෙනෙක් හා එක් දුවක් උපදින ලදී. දුව උඩරට ජයවීර රජුට විවාහ කරදෙන ලදී. වීරපරාක්‍රමභාහුගේ මරනින් පසු ධර්මපරාක්‍රමභාහුටද ඔහුගෙන් පසු මැණික් කඩවර උන් ඔහුගේ සොහොයුරු විජයබාහුටද කෝට්ටේ රාජ්‍ය හිමිවිය. මැනික් කඩවර එකම බිසවක් ආවාහ කරගෙන සිටි විජයබාහු හා රාජසිංහ යන දෙදෙනාට බුවනෙකභාහු, රයිගම්බණ්ඩාර හා මායදුන්නේ යන පුතුන් ලැබුනු පසු රාජසිංහ කුමරු මියගියේය. ඊට ස්වල්පකාලයකට පසු බිසවද මිය ගියේය. විජයබාහු කෝට්ටේ රජවූ පසු කීරවැල්ලෙන් කුමාරිකාවක් ආවාහ කරගත්තේය. කීරවැල්ලේ කුමරිය සමග පැමිනි දේවරාජ නම් ලදරුවා විජයබා රජු සෙවනේ කෝට්ටේ ඇතිදැඩි විය.
– පොත පත ඇසුරෙනි.