11. දිවුරුම්පිටිය
වැරදිකරුවන් දිවුරූ ස්ථානය සේ සැලකේ.
12. තැලුම්පිටිය
වැරදිකරුවන්ට දඩුවම් දුන් ස්ථානය සේ සැලකේ.
13. ගැටහැත්ත
සබරගමුව සීතාවක මාර්ගයේ විත් සීතාවකට ඇතුල්වන මුලපොලයි. එහි හමුදාවක් විය. එක්තරා ජනකථාවක් අනූව යකැදුරෙකු යක්ෂනියක් බන්ධනය කර ඇත්තේද මෙහිදීය. මන්ත්‍ර උසුරු වමින් ගැට හැත්තෑවක් සම්පූර්න වූ තැනයි.
14. අටළුගම
ධාන්‍ය අටු තිබුනු ගබඩා ගමක් විය හැකියි. මෙහිදීද බෝරුප්පාවක් යට පිරිත් කියමින් සිටි භින්ෂූ පිරිසකට රාජසිංහ රජු දඩුවම් කල බව ගනේගොඩ පුවතේ සදහන්ය.
15. මාගම්මන
ගජබා අවධියේ සිටි නීලයෝධයාගේ ගමයි. මහා ගම්මානයකි.
16. පෙතන්ගොඩ
ගුරුගොඩ ඔය අසල පිහිටි මේ ගමේ උයනක් විය්. එහිදී රාජසිංහ රජුට උන කටුවක් ඇනී ඔත්පලවිය. කටූනපඳුරු දෙකක් අදත් එහි ඇත.
17. දුම්බුකඩුව
සීතාවක ගඟ කැළණි නඳියට එක්වන තැනයි. බිම්කඩ තුනක් වෙන්වන තුන්+භූ+ගඩ දුම්බුකඩුව වන්නට ඇත.
18. කුරුපැත්ත
පුරානයේදී ඇතුන් සිටි කැලෑවක් (බැද්දක්) විය හැකියි. කූරුබැද්ද කුරුපැත්ත වන්නට ඇත.
19. හකුරුගල
මෙහි පැරණි විහාරයක් ඇතත් ඒ ගැන දන්නා තොරතුරු ඉතාම අඩුය. රජු පැරදුනු කල බිසෝවරු මේ ගල පල්ලට පැන්න බව ජනකථාවේ එයි.
20. කන්නත්තොට
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ගමකි. ගුරුගොඩ ඔය හරහා භින්ෂූන් ඒ මේ අත ගිය තොටුපලකි. ගණ තොට මුස්ලිම්වරුන්ට උච්චාරනය වන්නේ කන්නත්තොට වශයෙනි.
– පොත පත ඇසුරෙනි