1. සීතාවක
සීතා නඳිය කැළණි ගඟට වැටෙන්නට පෙර තැනි බිමක් ඔස්සේ වක්‍රාකර මගක ගලා බසී., එම පෙදෙස සීතාවකයි. දකුනු ඉන්දියාවේ කේරල පෙදෙසේ සීතා කෙෂ්ත්‍රම සමග සීතාවක සසඳා බැලීම කල හැකිය. 16 වැනි සියවසට පෙර සීතාවක නාමය සඳහන්ව ඇති බවක් නොපෙනේ.

2. මායාදුනු පුර
ප්‍රදේශයේ පැරනි නාමයයි. මහයා කෙනෙකු උපන් ගම විය හැකිය. මානියම්ගම තිඹිරිපොල වැනි ගම් හා සම්බන්ඳයි. 4 වැනි පැරකුම් රජු කල මයාදුනු පුරයෙහි උපුල්වන් දෙවොලක් ගොනැගුනු බව සදහන් වේ.

3. මානියම්ගම
මහයා වැනි ප්‍රභූවරයෙකුට දුන් නින්දගමකි. මායදුන්න රාජසිංහ දෙරජුන් විසූ මාලිගය පිහිටියේ මේ ගමේය. මහ පැරකුම් අවධියේ සිට ප්‍රසිද්ධ ග්‍රාමයකි. මානියම්ගම රජමහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර දිවයිනේ ප්‍රසිද්ධය.

4. තල්දූව
මහනුවර විෂ්නු දේවාලය සතු ගමකි. තෙල්දූව, තල්දුව වූ බව පිලිගැනේ. දේවාලයට පොල්තෙල් හා කොප්පරා සැපයූ ගමක් සේ ප්‍රසිද්ධය. භෛරව කෝවිල පිහිටියේද මේ ගමේය.

5. අවිස්සාවේල්ල
මේ නම පිලිබඳ මතබේද ඇත. යුරෝපීය, පාලන කාලයේදී මේ නම භාවිතයටැන්නට ඇත. වසුවිල, අවසුවිල වී අවසුවෙල වී පසුව අවිස්සාවෙල්ල වූ බව සිතිය හැකිය.

6. මාපිටිගම
වැද්ඳාවල මාපිටිගම බෝරුප්පාවක් යටදී රාජසිංහ රජු (ගනේගොඩ දෙවි) බන්දනය කිරීම පිනිස පිරිත් දෙසමින් සිටි භික්ෂු පිරිසක් රජුගේ දඩුවම් වලට ලක් වූ බව ගනේගොඩ පුවතේ සදහන් වේ.

7. මැදගොඩ
රාජසිංහ රජු ගොඩ නැගූ සිද්ධ පත්තිනි දේවාලයයි. මෙහිදී ගනේගොඩ දෙවියන්ද පුදනු ලැබේ.

8. කබුළුමුල්ල
රාජසිංහ රජු ගොඩනැගූ සිද්ධපත්තිනි දෙවාලයයි. මෙහිදීද ගනේගොඩ දෙවියන් පුදනු ලැබේ.

9. දැරනියගල
දෙරණ+ඉහ+ගල දරුනියගල වන්නට ඇත. කෝට්ටේ රජු පරංගීන් සමග විත් සීතාවකට පහර දුන් අවස්ථාවලදී මායාඩුනු රජු දැරනියගලට ගොස් සැගවී සිටිබව අසන්නට ලැබේ. දැරනියගල මහසමන් දේවාලයද එම පෙරහරද දිවයිනේ ප්‍රසිද්ධය.

10 තිඹිරිපොල
ප්‍රභූවරුන්ගේ තිඹිරි ගෙයක් මෙහි වීලු. තිරඹිරිපල බන්ඩාර නමින් සහෝදරයෙක් ටිකිරි බංඩාර රාජසිංහට සිටියේයැයි ප්‍රසුඉද්ධය. ගඟ ඉවුරේ පිහිටි රම්පත ගල මත පාසටහනක් වේ. ගඟින් එගොඩ රජලෙන පිහිටා ඇත.

– පොත පත ඇසුරෙනි