මහින්දා ගමනයෙන් පසුව වලගම්බා අවධිය වන විට සීතාවක පෙදෙස් බෞද්ධ වටා පිටාවක් පැවතිනි. එහෙත් ඈත අතීතයේ සිටම වෙනත් ඇදහිලි හා විස්වාසද පැවතුනු බවට ශාක්ෂි ඇත. සීතාව පත්තිනියකි. වසර 12ක් ලංකාව සිටි ඇය රාවණයන්ට අවනත නොවූවාය. පති දහම ශක්තිවන්දනාවේ වැදගත් ලක්ෂනයකි. සීතාවක වටා මැදගොඩ, කබුළුමුල්ල, නවගමුව , කඩුවෙල ආදී ස්ථාන වල පත්තිනි දේවාල පවතී. ගජබා සමයේ සිට ලංකාවේ විශේෂයෙන් සීතාවක අවට පත්තිනි ඇදහීම ප්‍රචලිත වී ගිය බව පෙනේ. ගජබා රජුගේ නීල යෝදයා සීතාවකට නුදුරු මාගම්මන ගමේ විසූ බව කනංප්‍රවාදයේ එයි.
ජගත්මාත පිදීම ලෝකයේ නොයෙක් රටවල නොයෙක් ලෙසින් පැවතිනි. මොහෙන්දෝජාරෝ ශිෂ්ඨාචාරයේ පව මෙය පැවතින. ලංකවේද එක් එක් අවධිවල විවිධ ස්වරූපයෙන් ප්‍රචලිතව පැවති අන්දම පෙනේ. රාමසීතා කථාව එක් අවස්ථාවකදී සීතා නදිය අසබඩ බිරාඩි දොවොල ආදියේ සිටම කාලිබිරාඩි (කාලියක්ෂනිය) හා සම්බන්ද වූවා විය හැකිය. කාලිබිරාඩි , _භෛරණ්ඩි- ගේ ආරම්භය බෞද්ධ කථාවකි. දම්ම පද කථාවේත්, සද්ධර්ම රත්නාවලියේත් කාලියක්ෂනියගේ උපත විස්තරවේ. ( කාලි බිරාඩි ලක්දිවට ගෙන ආවේ අරිට්ඨකී වෙන්ඩු නොවේ)
විවාහ වූ කුල පුත්‍රයෙක් තම බිරියට දරුවන් නොවූ බැවින් බිරියගේම කැමැත්ත උඩ වෙනත් විවාහයක් කර ගති. දෙවන බිරියගේ කුස පිලිසිඳ ගත් දරුගැබ දෙවාරයකදීම පලමු බිරිය විනාශකර දැමුවාය. තෙවන වාරයේදී දරුවා පමනක් නොව මවද විනාශ වන පරිදි ඇය කටයුතු කලේ සප්පත්ති රෝෂය නිසාය. වෛර සිතින් මියගිය මව ඊලග ආත්ම භවයේදී අනෙක් එකියගේ දරුවන් කෑවාය. මෙසේ භවයෙන් භවයට වැඩී ආ වෛරය නොසංසිදී විත් බුද්ධකාලයේදී එකියක් යක්ෂනියක්ව උපන්නාය. අනෙක් අය කුලගෙයක ඉපද වැඩී දීගයක ගියාය. යක්ෂනිය දෙවරක්ම මැයගේ දරුවන් කෑවාය. තුන්වන අවස්ථාවේදි ඇය දරුවා රැක ගැනීමට දෙමාපියන් වෙත ගියාය. දරුවා ගොඩ තබා ලිඳකින් නාමින් සිටින විට යක්ෂනිය ඈත එනු දුටුවාය දරුවා රැගෙන දිවූ ඇය බුදුන් හමුවට ගොස් පිහිට පැතුවාය. බුදු බණ අසා යක්ෂනිය ගේ වෛරය සංසිඳුනි. ප්‍රාන ඝාතයෙන් වැලකුනු ඇයට බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි අනෙක් කාන්තාවගේ රැක වරනය ලැබුනි. යක්ෂනිය ගස් බෙනයක ඉන්නට සලස්වා ආහාරය පුදන විට යක්ෂනියද ප්‍රතිඋපකර වශයෙන් ඔවුන්ගේ ශෂ්‍ය වර්ධනයට උපදෙස් දුන්නාය. වසංගත රෝග ආදියෙන් ආරක්ෂා කලාය. මේ පුවත ඇසූ ගමේ අනෙක් අයද යක්ෂනියට සලකන්නට වූහ. ඒ අනූව කාලියක්ෂනිය ගමට ආශිර්වාදයක් වූවාය. ශ්ෂ්‍ය වර්ධනය සදහා වසංගත වලින් මිදීමටත් දරුවන්ගේ ආරක්ෂාව පිනිසත් කාලිය පුදනු ලැබේ. මෙම ඇදහීම අටවා කාලය (ක්‍රි.ව. 5 සියවස) දක්වා කාලිබිරාඩි නමින් ලංකාවේ පැවති බව සද්ධර්ම රත්නාවලිය කියයි.
– පොත පත ඇසුරෙනි
