සිතාවක යුගයෙන් පමනක් නොව ඉන් එපිටින්වන අතීතයේ සමරු සටහන් අදද අවිස්සාවෙල්ල අවට බොහොමයකි. බොහෝ ඒවා අනාරක්ශිත මෙන්ම අදාල ඓතිහාසික වටිනාකම් පිලි බඳව දැනුවත් කරවීම් වලින් තොරවම හුදකලාව පවතී. සීත අලෙන හා පීල්ල ඒවා අතරින් ස්ථාන දෙකකි. වර්ථමාන අවිස්සවෙල්ල තානායම අසල කඳු ගැටයේ පිහිටි කටාරම් කොටන ලද විශාල ගල් ලෙනක් වේ. මෙම ගල් ලෙනෙහි සිට අවට නරබන විට මානියම්ගම ප්‍රමුක කඳු වලල්ල මනාව දුස්වන සුලුය. ජනාප්‍රවාදවලට අනූව සැලකීමේදී රාවණා රජතුමන් සීතා දේවිය සගවා තබන්නට භාවිතාකරන ලද ස්ථානයක් ලෙසට මෙය සැලකේ. මේ අසලම වන දියපහරක් ආශ්‍රිතව ගලා හැලෙන දිය ඇල්ල ඇසුරින් සීතා පිල්ල  ලෙසට ව්‍යවහාර වන ස්ථානය වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ පෙර කී ගල් ලෙනෙහි වන කටාරම් කෙටීම පසුකාලීනව භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ සිටින්නට භවිතා වන්නන ඇති බවකි. මීට අමතරව මෑතක් වන තුරුම මේ අවට වූ ඉර හඳ කොටන ලද ගල්පුවරුවක්ද වූ බවට පැවසෙන අතර පැහැදිලි හැදෑරීමකට ලක් නොවූ ස්ථානයක් ලෙසට අතීත වටිනාකම් ‍රැසක් සමග අභාවයට යමින් තිබෙනු දැකිය හැක.