අද වන විට ජීවිතය අවට වන සියල්ලටම ආර්ථික පසුබිමක් පැමිනීම මගහැරිය නොහැකි කාරනයකි. හදාරන්නන් පවසන්නේ ඔබගේ සුනඛ සුරතලා ‍තෝරා ගැනීමේදී කල්පනාවට ගත යුතු කාරනා අතර මේ බවටද සැලකිය යුතු අවධානයක් යොමුකල යුතු බවයි. සුනඛ වර්ග අනූව ඔවුන්ගේ නිරෝගී පැවත්ම සදහා අවශ්‍ය කරන වටපිටාවක් වේ. ඔබ සතු අවකාශය අනූම අදාල සුනඛ වර්ගය තොරා ගැනීම වැදගත් වන්නේ එම වටපිටාව සැපයීමට අපොහොසත්වීම අදාල සුරතලාගේ කායික මෙන්ම මානසික නිරෝගීතාවයට බාදාවක් වන බැවිනි. තවත් ආකාරයකට සැලකීමේදී සමහර වර්ග කෙරෙහි වැඩි සෞක්‍ය අවධානයක් අවශ්‍ය වේ. නිරන්තරයෙන් අදාල දැනිම ඇත්තෙකු ගේ උපදෙස් අවශ්‍ය විශේෂයක් ඔබ තොරා ගැනීමේදී කල්පනාකාරී වීම වැදගත්ය. සරලව හදාරන්නන් යෝජනා කරනුයේ ඔබ ‍තෝරා ගන්නා සුනඛ සුරතලාගේ ඔබට හැසිරවිය හැකි නැතිනම් පුරුදු පුහුනු කරවා ගත හැකි අවකාශය පිලිබඳව දැනුවත් වීම මෙන්ම ඔවුන් වර්ගය අනූව මුල්ස්වභාවයෙන්ම ඉල්ලා සිටිනා අවශ්‍යතාවයන් පිලිබඳවද දැනුවත් වීම වැදගත් බවයි.
සංකීර්න වන සමාජ පරිසරය නිසාම ඔබ සිතනවාට වඩා වැඩි සමාජීය වගකීමක්ද සුනඛ සුරතලා සමග ඔබ වෙතට පැමිනෙන බව අමතක ද නොකල යුතුය. විටක ඔවුන් අතරින් ස්වභාවයෙන්ම රෞද්‍ර ගති පැවතුම් ඇති වර්ග මෙන්ම සෞම්‍ය කෙලිලොල් ගති පැවතුම් අති වර්ග සින අතර ඔවුන් ‍තෝරා ගැනීමේදී අදාල ආරක්ෂිත බව සැපයීම එම සුනඛයාට මෙන්ම සමාජය දෙසටද ඔබට වන වගකීමකි. හදාරන්නන් පවසන්නේ ඔබගේ ජීවත් වන සමාජ පසුබිම හා පාරිසරික පසුබිමද සුනක සුරතලෙකු තොරා ගැනීමේදී සාධකයක් ලෙසට භාවිතාකිරීම පසු ගැටලු අවම කරන්නන්ක් වනු ඇති බවයි.
නිවසේ ඇති දැඩිවන සුනඛ සුරතලා යනු නිවසේ ඉතිරිවන යමක් කා බී මාවතේ, අසල්වැසි ගෙවතුවල නිදල්ලේ හැසිරෙන සතෙකු ලෙසට සැලකීම තව දුරටත් නාගරික ,අර්ධනාගරික පමනක් නොව ග්‍රාම්‍ය ප්‍රදේශවලදී පවා දැන්වන විට නැවත සිතුය යුතු කාරනාවක් වන්නේ ඔවුන්ගෙන් අසැල්වැසියන්ට විය හැකි කරදර බාදක සදහා ඔබ වගකිවයුත්තෙකු ලෙසට නීතිය ඉදිරියට කැඳවීම දක්වාම ක්‍රියා කරන්නට අසල් වැසියන්ට හැකිවන නිසා සේම තවමත් දැඩි ලෙස ක්‍රියාත්ම නොවුනද නිවසේ සුරතලා වෙතට අමානුෂික ලෙස කටයුතු කීරීම ඔස්සේ එම සතාට සිදුවන අසාධාරන සැලකිම් ද නීතිය හමුවේ ඔබව වරදකරුවෙකු කරන්නට සමත්වන බැවිනි.