සුනඛයා මිනිසා ඇසුරට පැමිනීම ඉතා ඈත අතීතයක එනම් මිනිස් ශිෂ්ඨාචාරයට පෙර දඩයම් හා වනචාරී යුගය තෙක් දිවයන්නකි. එතරම් ඈත අතීතයක පටන් මිනිසා හා සුනඛයා අතර පැවති ලෙන්ගතුකම කිය පාමට මිනිසා ශිෂ්ඨාචාරගත වීමට බොහෝ කලක ට පෙර ගුහා තුල ඇඳ ඇති සුනඛ රූප ප්‍රබල සාක්ෂියකි. ඒවා අදටත් දැකිය හැකි ස්ථාන බොහෝය. ශ්‍රීලංකාවේ අදිමානව ජනාවස වලිද එබඳු සුනක රූප හමුවී තිබේ. ඒ උඩවලවේ අභය භූමි සීමාවට අයත් බෙල්ලන්බැඳිපැලැස්ස ආදිමානව එලිමහන් ජනවාස නටබුන් අතර තිබී සුනඛයෙකුගේ දත්ත අවශේෂ හමුවීමෙනි.
සුනඛයන් වෙතින් බොහෝ මිනිසුන් කෙරෙන් දක්නට නොලැබෙන උතුම් ගුනංග ‍රැසක් දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් පිලිගනිති. හාම්පුතා කෙරෙහි දක්වන අවව්‍යාජ ආදර ගෞරවය ඉතා සුළු උපකාරයකදී පවා එහි පමන ගැන නොසිතා මිනිසාට අතිශයින් කෘතවේදී වීම මිනිසුන්ට සාපේක්ශව කලගුන සැලකීම කෙරෙහි වැඩි නැබුරුවක් පල කිරීම සහ කලගුන අමතක නොකිරීම කවර හෝ අවධානම්කාරී හෝ විපත්ති කර තත්වයකදී තම හාම්පුතා අත හැර නොයෑම දැනට ලෝක සම්මත වී ඇති සුනඛ ගුන අතරින් කිහිපයකි.
අදවන විට අභිජනනයන්ට බඳුන් වෙමින් නොයෙක් මාදිලියේ ස්වරූප ගති ලක්ෂනයන්ක්ගෙන් යුත් සුනඛ වර්ග බිහිවී සිටියද මේ සියලු සුනඛයන්ගේ ආදිමුත්තා අළු වෘකයා නමින් හැදින්වූ රද්‍ර පෙනුමැති සුනඛයාය. එලෙස අළු වෘකයගෙන් පැවත එන සුනඛයා මිනිස් ඇසුරට පැමිනීම අදට වසර 15000 කට පමන පෙර පටන් සිදුව ඇති බවට සාක්ෂි තිබේ. ඒ ආකාරයට මිනිසා හා ඇසුරේ ගෘහාශ්‍රිතව ජීවත්වන සුනඛයා canis iupus domesticus නම් විද්‍යාත්මක නමයෙන් හැඳින්වේ.
– පුවත් පත් ඇසුරෙනි.