සෑදෑව එලබෙන්තම අප දෙදෙන නගරයට ඔබ්බෙන් වන සුපුරුදු කඳුමුදුනත වෙතට පැමිනෙන්නට සමත් විනිමු. කඳුමුදුනත දිගේ බොහෝ දුරට විහිදෙන සේ පා-මාවත් අලුතින් නිමා කර ඇත. අලංකාර නෙක ආකාරයේ විසිතුරු රුක් ගොමු වලින් එම මාවත දෙපස ගවසා තිබුනේ වඩාත් සිත් පැහැර ගන්නා ආකාරයකටය. යන – එන ලෙසට මංතීරු දෙකකින් ඒවා නිමවා තිබීම මහත් ආකාර්ශනීයය. සැහැල්ලු සැන්දෑවක මනා සිතුවිලි සක්මනකට වඩාත් අපූරු තැනක් ලෙසට එය සංවර්ධනය කර තිබීම දැකීම සිතට මහත් සහනයක් විය. දෙපසට යනෙන්නන් හට අවශ්‍ය විටකදී සුලු ආකාරයේ ආහාර පාන මිළදී ගැනීමට විසිතුරු වෙළඳ හල් දෙකක්ද පිහිටවා තිබීම හෝරා ගනාවක් වුවද එහි රැදෙන්නට ආරාධනාවක් වැනිය. “අපූරු සිතුවිලි සක්මනකට නම් කියාපු තැන..” මට කිය විනි. ඇයද හිස සලමින් එකග බව කියා පෑවාය.
අප දෙදෙනද එක් දිසාවක් දෙසට සැහැල්ලු සක්මනකට පිවිසුනේ එකිනෙකා ගෙන් විමසීමකට පෙරම පැමිනි එකගතාවයක් තිබුනා සේය. “එතකොට ඔබ කියන්නේ බුදු දහම අප කියවන බලන බොහෝ සටහන් වලි ඔබ්බට විහිදුනු කාරනාවක් බවද?” මා සිතුවා නිවැරදිය. නගර උද්‍යානයේදී දහම ගැන කල කුඩා වාචික සටහන ඇගේ විමසුම් මනස අවදිකරනාව වෙනුවට ගිනි අවුලුවා ඇතුවා සේය. දැඩි විස්වාසය පදනම් වන දහමක ආභාශයේ හැදී වැඩී ඇති ඇයට මේ නව අදහස් රටා ජීවිතයේ කිසිදු දිනක ගොස් නැතිවා පමනක් නොව වෙනස්ම විසිතුරු අත්දැකීමක් ගෙනෙන පෙදෙසකට පිවිසුනා සේ හැගෙනවා විය යූතුය. ආශ්‍රමයේදී පවා අමුත්ත්න්ගෙන් නිතර පලවන ගැටලුවක් වන සංස්කෘතික බුදුදහමින් මුදවා ඉහල ගැනීම මහත් අපහසු කාරනාවකි. “ඒක හරියට භාශාව නොමැතිව ගොඩ නැගෙන දෙබසක් වැනිය.” ටිබෙටියානු මිතුරා සංකීර්න තත්වයන් සරල වදන් පෙලකින් කියවා දමන්නට මහත් සමතෙකි. සමහර විට ඔහු වඩාත් ආභාශයලත් Zen දහම නිසා විය හැක. ” සමාවෙන්න, ඔබ හෙට උදේ වරුවේ තනියම පැමිනිය යුතු සක්මනට හෝරා බොහොමයකට පැමිනිලා වාගෙයි. මට ඒ බවට ඉඩ දිය නොහැකියි. මම හිතන්වා ඔබ ඒ ගැන උරන නොවෙයි කියලා…” මගේ නිහඬ බවින් අපහසුතාවයට පත් ඇය සක්මන නතර කර සුහද චෝදනාවක් කරන්නට විය. පසු පියවර දෙකක් තැබු සමාව අයදින අයුරින් ඇයගේ අතක් ගෙන නැවත ගමන් අරබන්නට පටන් ගතිමි.
– siriwansa
