තරමක සැහැල්ලු දවසක් ඇයට හවුව තිබෙනවා වියයුතුය. සැහැල්ලුවකින් ඇය සිටින්නේ මහත් ප්‍රබෝධයකිනි. උද්‍යානය කෙරවල වන ඉතා සෙමින් ගලා බස්නා ගං ඉවුරට වන්නට පිහිටවා තිබූ සුපුරුදු අසුන්ක අප වාඩිව සිටියෙමු. ජල රල අතර නිරන්තරයෙන් ඔබ නොබ පිහිනන විසිතුරු පක්ෂීන් මහත් විසිතුරු බවක් ගෙනෙමින් සිටී. උපතින් කිතුනු පරිසරයකට ඇය අයිතිව සිටියද ලොව නෙක සංස්කෘතීන් ඔස්සේ ගලා එන විවිධ දහම් අර්ථයන් පිලිබදව විවෘත විමසිලිමත් බවක් අවදිව තිබිනි. “නොයෙකුත් දහම් කාරනා මෙන්ම ඒවා ආශ්‍රිතව ගොඩ නැගෙන දහම් සංස්කෘතීන් පිලිබදව අපි අතර ඇත්තේ මහත් පටලැවිල්ලක්. බොහෝ වෙලාවට මුල් දහම් ස්වභාවය වෙනු වට අපි ඒ ඇසුරින් ගොඩ නැගෙන සංස්ක්‍රිතීක ආකාරයන් වලට සීමා වෙන ස්වභාවයක් තිබෙනවා. සමහර විටක ඔබ පුදුම වේවි, බුදු දහම ඇසුරින් වන සංස්කෘතීන් සමග ගිලී සිටින ඇතැමෙකුට මුල් දහම පෙනෙන්නේ හතුරෙකු ලෙස කීවොත්. අම හිතන්නේ මේ බව සියලුම ආගම් වලට පොදුයි. හරිම සංකීර්නයි.” වරක් මා හැදෑරුම් ආයතනයකදී මේ බව විවෘතව පලකල මොහොතක අයෙක් දෙදෙනෙක් ගැටුමකට පවා සැරසුනු යුරු පැහැදිලි කෙරුවෙමි. ඇය විමතියට පත් බවක් පලකරවන්නට විය. ” කොහොම උනත් මිනිස් වර්ගයාගේ සංස්කෘතික කථාන්දරයේ බරපතලම පරිච්ඡේදයක් ලොව පුරා නෙක ප්‍රදේශවලින් බිහිවෙන නෙක ආකාරගත් දහම් කාරනා සමග ලියවෙනවා.”ඔවුන් අද අත්පත්කරගෙන සිටින ශිෂ්ඨ බවින් වැඩි ප්‍රතිශතයක් හිමි වෙන්නේ ඒවා ගෙනෙන ලද හික්වීම් වලට බවයි මම විස්වාස කරන්නේ. මිනිසාට තමන්ව අර්ථ දක්වා ගන්නට අවශ්‍යව තිබූ ජීවිත කාලය ගැන පමනක් නොව මෙහි ආ තැන් මෙන්මපසුව යන තැන ගැන පවා අර්ථ මේ දහම් ඔස්සේ ගෙන ඒම ඔවුනට මහත් සහනයක් වූවා මම හිතන්නේ.” ඇය වඩාත් අවධානයෙන් සවන්දීම මා මහත් සිත්ගත් කරුනක් විය. ඇගේ විමසිලිමත් මනස මා ඇය වෙතට බැදගත් පලමු කාරනව යැයි මට සිතිනි. “හැබැයි අමතක කරන්න එපා තවමත් ලොවපුරා මතුවන බොහොමයක් ගැටුලු වලටද පදනම ඒකම බව” ඇය පිලිවදන සමස්ථය පිලිබදවම කැටිවීමක් ගෙනවිත් තිබිනි.
“ඔබ නම් සංස්කාරකගේ නොපැමිනීම ආරම්භවීම බුදුදහම වෙතට ඔබ පැමිනීම ආරම්භවීමයි” ඇයගේ විමසුමට සරල පූර්න පිලිතුරක් සදහා මගේ උත්සාහය එලෙස විය. අලංකාර පහන්කනු පෙලක් මැදින්වූ අප ඇවිද යමින් සිටි වෙගය අඩාල කල ඇය ඒ වෙතට සිනා සෙනවාදැයි බරපතල ලෙසට ගනන් ගන්න්වාදැයි වැනි විමසිල්ලක අතරමංවූ ලෙසක් දක්වන්නට විය. “නැහැ එය හැගෙන්නට ඉඩ හරින්න” ඇය වචන නොකල විමසුමටද මම පිලිවදන් දුන්නෙමි. මාවත දෙසට නැබුරුකරගත් දෙනෙතින් ඇය නැවත ගමන් ඇරබුවේය. මෙම උද්‍යානය වඩා අපූරු සැලසුමකට අනූව නිම වූවකි. පහන්කනුවල පවා වන විසිතුරු රටාවල් ඒවායේ ස්වභාවික පෙනුමට අදාල වන වර්ණවලින්ම වර්නගන්වා තබන්නට තරම් ඔවුන් සංවේඳී වී තිබිනි. සමහර අතුරු මාවත් අවට වන තුරු ගොමු වලින් එන පත්‍රවලින් ගැවස තබන්නට කටයුතු කර තිබිනි. ඒවා මතින් පියවර තබමින් යන්නට පැමිනෙන සමහර අමුත්තන් තුලවන කැමැත්ත වෙතට ඔවුන් එලෙස සංවේදී වෙන්නට කටයුතු කර තිබිනි. “ලෝකය වෙතට විවර වන ඉදුරන් අතරින් ලෝකයට ගලා ගෙන යන්නට ඉඩ හරින්න. මැදිහත් වන්නට උත්සාහ නොකරන්න”. ඇයව තව දුරටත් අපහසුතාවය කැදවනවාදැයි මම මගෙන්ම විමසන්නට විය. මම කලකට පෙර කල සටහන් පෙලක් නැවත මත්කර දෙමින් ඇයව සැහැල්ලුවකට කැඳවා දමන්නට අවශය විය.”ඔබ දන්නවාද මේ ලෝකේ තිබෙන සරලතමම දේ තමයි “බුදු දහම” කියලා මට හිතෙනවා. හැබැයි ඒක තේරුම් ගන්නට ඔබේ සිත සංකීර්න වැඩි වෙලා තිබෙනවා”. ඇත්තටම ඒ අවකාශය ඔබට හමුවෙන්නේ ඔබගේ බුද්ධි අවකාශයට යටින්. ඒවා ධහම තෑරුම් ගැනීම වෙතට පිවිසෙන්නට ඇති උපකරන පමනයි”. ඇය වඩාත් කැමැත්තෙන් සවන් දෙන්නට සූදානම් වන විට මම මාතෘකාව වෙනස් කරන්නට උත්සාහ කලෙමි. ටිබෙටියානු මිතුරා නිතර පවසන පරිදි මේවා දැනුම බවට පත්කර ගැනීම නැවත නොමග යාමකි. “ඇතුලතින් අත්පත් කර ගත යුතු දෑ එලෙසම වන්නට ඉඩ හරින්න.” වරක් ආශ්‍රමයේදී අපට හමුවූ ආගන්තුක මහත්මයෙකුට කල සරල පැහැදිලි කිරීම වඩාත් අපූර්ව ලෙසට මතකයේ සටහන්ව තිබිනි.
– Pubudu Siriwansa