ක්‍රමයෙන් මුත් අහබු ලෙසට පැමිනි ශීත බව අපගේ සිත් හෑදෑරුම් සටහන වෙතට වඩාත් ඇද බැද තබන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නාය. සමහර දිනවල පෙර සටහන වෙතට පි‍ටු විස්සක් පමන එක්කරන්නට අපට හැකිවිය. අපගේ පොඳු ඉලක්කය වෙතට වන නාභිගත බව වැඩි වෙත්ම සටහන් පෙල වඩාත් පෝශනයෙන් පිරුන එකක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලි වන්නට විය. ඇය තම අධ්‍යාපනය සම්බන්දව කටයුතු කරන ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතනයක ආචාර්යවරයෙක් එම සටහන් නැවත කියවමින් නිවැරදිකර දෙන්නට කැමැත්තෙන් ඉදිරිපත්වීම මහත් පහසුවක් විය. ආශ්‍රමයට ඔබ්බෙන් වන ගම්මානය එම සටහනේ ප්‍රස්තූතය විය. ඒ ඇසුරින් මිනිස් වර්ගයාගේ කථාන්දරයේ සමහර හැරවුම්, තීරනාත්මක ස්ථානයන් පිලිබදව අප නැවත නිර්වචන ගෙනෙන්නට කටයුතු කෙරෙවෙමු. “හෙට දවස වඩාත් අර්ථවත් කරගනට නම් මිනිස් කථාන්දරය වඩාත් ඵලදායී ලෙසට නැවත අර්ථදක්වා ගන්නට සිදුව තිබේ” සටහනෙහි ප්‍රධාන පෙලට යටින් නිරන්තරයෙන් කෙලින්ම මෙන්ම ව්‍යංගාර්ථයෙන් නැවත නැවතත් යෝජනා කරන්නට අපට අවශ්‍ය විය. ශීත බව ඉඩ දෙන තරමට වඩාත් පැහැදිලි දවස් වල කඳු මුදුනතටද , ඊලග දවස් වල නගරයේ උද්‍යානයටද, අපහසුම දිනවල සුපුරුදු අවන්හල වෙතටද යමින් නොකඩවා කටයුත්ත ඉදිරියට ගෙනයන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
නගරයේ අවන්හල් හිමිකරු අප වෙතට වඩාත් සහය සදහා ඉදිරිපත් විය. සතිඅන්තයන් වලදී අප දවස පුරා කටයුතු කරන විට දහවල් ආහාරය උද්‍යානය වෙතට එවන්නට, අපගේ ඇනවුම් කෙසේ වෙතත් අප ප්‍රියකරන ආහාරයන් එක්කරන්න ටත් ඔහුට අවශ්‍ය විය. විවේකයක් ලැබුනු විගස අප සමග කථාබහකරන්නට ඔහු කාර්යාලයෙන් පිටතට පැමිනීම සිදුවිය. මීලග නිවාඩුවට ඔහු ආශ්‍රමය වෙතට යන්නට සැලසුම් කරන්නට පටන් ගෙන තිබිනි. දුරස්ථ දේශන මාලාව නිසා විය පැහැදැම් ගැටලුවක් නොවිනි. සාර්ථක දේශනමාලාවක් සදහා නිරන්තරයෙන් නව දැනුම යාවත්කාලීන කරගන්නට සෑම දිනකම උදෑසන හෝරා තුන හතරක් වැය කරන්නට අවශ්‍ය විය. සහභාගී වන්නන්ගේ ධනාත්මක ප්‍රථිචාර ඒ සදහා මහත් උත්තේජකයක් විය. සමහර සිසු සිසුවියන් ඊමේල්, ‍ටුවිටර්, සමාජ ජාලා ඔස්සේ වැඩි දුරටත් සම්බන්ද වෙමින් වැඩි දුර තොරතුරු විමසන්නට මෙන්ම අපගේ හැදෑරීම් සටහන් කටයුත්ත තොරතුරු ලබා දෙන්නට පවා ඉදිරිපත්වීම මහත් සතුටක් විය.
– siriwansa