මිනිස් සුසංයෝගයන් යනු සරලව හැමවිටම ගත නොහැකි වනවා විය යුතුය. සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවිම විශ්වයේ සිදුවිය හැකි තවත් අපූරු අත්දැකීමකි. හැදෑරීම් ප්‍රිය එවන් දෙදෙනෙකු, නෙත්මානයට විහිදෙන නිදහස් පරිසරයක් පසුබිම්ව, අනන්තය තෙක් විසිරෙන්නට අවකාශ ඇති විෂයන් ගොනුවක සමග දෙබසකට පිවිසීම ආරම්භයේ විශ්වයේ සිදුවුනා යැයි විස්වාස කරනා භිග් භන්ග් තරම්ම තීරනාත්මක විය හැක.සමහර විටක එය ඔවුනගේ ලෝකයේ තීරනත්මක සිදුවීමකට සීමා නොවී සමස්ථ මිනිස් වර්ගයා වෙතටම දැනෙන යමක් වීමේ මහත් බලයක් සහිත වනවාද විය හැක. වරක් අප අධ්‍යාන ආයතනයක විවෘත දේශනයක් සදහා පැමිනි විද්වතෙකු පැහැදිලි කල “හදිස්සියේම මනසේ කවරදාවත් නොගිය දෙසකට වැදුනු විදුලි පහන් ආලෝක ධාරාවක්” ලෙසට ලෙසට හැගෙන්නටද හැකිය. ප්‍රථමවතාවට ආශ්‍රමය වෙතට ගොස් පැමින කල සටහන් පෙලෙහි වූ සටහනක් දැන් වඩාත් පැහැදිලිය. “ඔබට මෙහි වන බොහෝ අපූරු දෑ පැහැදිලි කල හැක. ඇත්තෙන්ම මම කවුද යන්න හැර අන් බොහෝ දේ පැහැදිලි කල හැක” යන්න එයය. – පිටත අවකාශය පැහැදිලි වීම අභ්‍යන්තර අවකාශය තවත් දුරටත් වලංගු නොවීම ආරම්භ වීමය- ලොකු ස්වමීන් වහන්සේ මද සිනාවක් සමග ජීවිතය මත තැබූ අවසානයක් නොමැතිව දිග හැරෙමින් ඇති තවත් සටහනකි එය.
“ඔබට මා සමග දෙබසකට වඩා ඔබත් සමගම බොහෝ දෙබස් තිබෙනවා වගෙයි” නැවත වතාවක් ඇයට මා අවදිකරවා ගන්නට සිදුවාය. ” මම හිතන්නේ ආශ්‍රමයේ සිදු වන්නේ කුමක්ද යන්න දැන් ඔබට වඩාත් වැටහෙනවා විය යුතුයි. භාෂාවට ඔබ්බෙන් වන යමක් භාෂාව ඔස්සේ විමසන්නට සිදුවීමේ අමිහිරි අත්දැකීම වෙතට අපි පිවිසෙමින් ඇති බව මට වැටහෙනවා. මම හිතන්නේ ඔබටත්…” දහම ගැන වන බොහෝ දෑ සාකච්චාවට වඩා වැදගත් වන්නේ තමන් තුලින්ම පැමිනීමට ඉඩ හැරීමය. එහි සැබවින්ම පිටපත් නැත. නමුත් බොහෝ දෙනා සොයන්නේම පිටපත්ය. ගැටලුව වඩාත් සංකීර්න වන්නට පටන් ගන්නේ එතැනින් වුවත් භාහිර පිටපතකින් තොරව ඔවුනට තමන් කියාවා ගන්නට බැරිය.වඩාත් අවාසනාවන්ත ලෙසට ඔවුන් දහම තුලද අනුන්ගේ අත්දැකීම් සොයයි. ක්‍රමයෙන් කිසි දිනක තමන්ව සොයා ගන්නට බැරිවන ලෙසට තමන්වම ම මංමුලා කර ගනී.
-Siriwansa
