ඔබ ආශ්‍රමය වෙත එන්නේනම් මෙහිදී දෙනෙත් සගල ඔස්සේ දිව්‍ය රස විඳින්නට හැකි අවස්ථා දෙකක් බොහෝ විට සැම දිනකදීම හමුවනු ඇත. ඒ උදා හිරු පැමිනෙන මොහොතේදීත් දවස නිමා කර හිරුබටහිර බෑවුමේ සැහව ගන්නා මොහොතේදීත්ය. දෙසවනටද මේ සොඳුරු බව පැමිනෙන්නේ ප්‍රබෝධමත්වන සියතුන්ගේ මිහිරි හඬ සමගිනි. “තපස ඔබ සිතනා තරම් ඒකාකාරී එකක් නොවේ. අධි උත්තේජ ජනක මත්තේ පමනක් ඔබගේ රස වින්දනය නොරැදෙන්නේ නම්, සරල සියුම් සොබා දහමේ අසිරිමත් බවින් ඔබට ගැලවෙන්නටද පහසු නොවනු ඇත. මිහිදුම් සලු එතුන කඳු වැටි, විටෙන් විට සප්රානික වන දිය ඇලි රටා වල සිට සුවදැති නෙත්කලු වන පුෂ්ප වැනි නෙක විසිතුරු වලින් මෙහි අඩුවක් නොමැත.” වරක් අධ්‍යාන ආයතනයක සඟරාවකට මා සම්පාදනය කරන ලද ලිපියක සටහන් කොට සිටියා මතකය.
මෙම ජීවිතයේ මට හමුවූ අපූරුතම මිනිසෙකු හමුවීමට ලහි ලහියේ සූදානම් විනි. ගබඩාබාර කරුගේද අවසරය ගෙන ලොකුස්වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය වෙතට ගියෙමි. වැඳ නමස්කාර කොට පසකින් අසුන් ගන්නා තෙක් අවධානයෙන් සිටි උන්වහන්සේ ” ඔබතුමාගේ නැවත පැමිනීම අපට සතුටක්, මම කැමතියි පසුගිය කාලය ගෙවී ගිය හැටි කෙටියෙන් දැන ගන්නට.” මද සිනාවක් සමගකල ආරාධනාව හැකි පමනින් සම්පූර්නව එහෙත් කෙටියෙන් ඉටු කරන්නට මම පටන් ගති. හමුවූ වෛද්‍ය මිතුරිය පිලිබද මතකය වසර ගනනාවක් සමග උවත් අමතකව ගොස් නැතිවීම පිලිබදව මාතුලම විමතියක් දැනෙන්නට විය. වෙඳනාකාරී සමුගැනීමක් ලෙසට එම සිදුවීම සගවා ගන්නට උන්වහන්සේ වෙතින් නොහැකිවිය. (17)
සමහර විටක ඔබ සිතාගෙන සිටිනා ආකාරය වැරදි විය හැක. ලොකු ස්වාමීන් වහන්සේ මහන දිවියට පැමින ඇත්තේ ජීවිතයෙන් පලායමින් නොවේය යන්න සත්‍යකි. යුරෝපියානු ප්‍රකට සරසවියක දර්ශනය පිලිබදව මහාචාර්යවරයෙකු ලෙසට කර ඇති ඔහු අතීතයේ සිට අද දක්වා වූ නෙක ආකාරයේ ලොව පිලිබදව අරුත් ගැන්වූ දර්ශනයන් අතර සරමින් සිටින අතර දහම පිලිබදව වැඩි දුර සොයන්නට පෙලබ ඇත. “වඩාත් සතුටින් පිරි ජීවිතයක් සොයා මම මෙහි පැමිනියෙමි” ඒ උන් වහන්සේගේම වචනය. “ඒ තීර්නය නිවැරදි බව අද මට ප්රත්යක්ශය” ඒ ද උන්වහන්සේගෙම වචනය.
මට කියන්න ඔබ සිත තුල වන ඇය ගැන මතකයන්. සැත්කම් පිලිබදව ප්‍රවීන වෛද්‍ය වරයෙක් සියුම් සැත්කමකට පිවිසෙන්නා සේය. “මට කියන්න ඔබ බැදුනේ ඇයගේ රූ සිරියටද, නැතිනම් කටහඬටද සමහර වෙලාව ඇගේ ගමන් විලා සයක් වැනි දෙයකට”. උන්වහන්සේ “ජීවිත” විරෝධී බවක් කවර දාකවත් තම දෙබස් අතරට ගෙනෙන්නේ නැත. මනෝ විද්‍යාව පිලිබදව වූ දැනුමින් ද මෙහෙය වෙමින් අනකාගේ සිත ගසා වසා දමනවා වෙනුවට සියුම් ලෙසට බැදීම මතූකර ගන්නටත් එය විමසා බලන්නට සැත්කම් මෙසය මතට ගෙන දමන්න්ටත් දක්ශ වන්නේය. පැහැදිලි කර දෙන මුත් තීර්න ගැනීමේ අයිතිය අනෙකාට දෙන්නට හැම විටම උන් වහන්සේ කටයුතු කරයි.