ICEBRG ආයතනය පවසනවා තමන් Google Chrome සදහා වන හානිකර browser extensions හතරක් හඳුනාගෙන ඇති බව. HTTP Request Header, Nyoogle, Stickies සහ Lite Bookmarks ලෙසට නම් කරන මෙම හනිකරයන් හඳුනා ගත් විගස Chrome Web Store වෙතින් ඉවත් කරන්නට කටයුතු කර ඇති මුත් ඒ වන විටත් බාගතකිරීම් 500,000 ද ඉක්මවා තිබූ බවටයි පැහැදිලි කර සිටින්නේ. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මේවායේ හැනිකර හැසිරීම් අතර JavaScript injection, browser proxying වැනි කටයුතු දක්නට ලැබෙන බවයි. හදාරන්නන් උපදෙස් දෙන්නේ භාවිතාකරන්නන් අතරින් යමෙක් මෙම හානිකර Chrome extensions තවමත් භාවිතා කරමින් සිටිනවා නම් වහාම තම පරිගණකයෙන් ඒවා අස්ථාපනයට කටයුතු කිරීම වැදගත් බවයි.
Pubudu Siriwansa
