මේ සියලු කාරනා වාතය වාතය කෝප කරවයි. කෝපවූ වාතය නානාප්‍රකාර ඒකංග වාත රෝග ඇති කරවයි. පංච විධ වාතයන්ගේ ප්‍රකෘති ක්‍රියා නැති කරවයි. ශරීරයේ චලනය හා චෛත්‍යසයය යන දෙකම නැති වීම මගින් සම්පූර්න පාක්ෂා ඝාතය ඇති වෙයි. වායුව දූෂිතවී සම්පූර්න ශරීරයම අක්‍රමනය කර ලේ නහර, බල නහර වියලා දමයි. සංධි දුර්වල කර සම්පූර්න ශරීරයම අකර්මන්ටන කර පක්ශ ඝාතය ඇති කරවයි. බල්ල මේ ලක්ෂන ඔබටත් තිබේද කියා. එසේ නම් ඔබ වාතරෝහයකින් පෙලෙන බවට එය හොඳම උදාහරනයක්.
සංධි සහ පුරුක්වල තද ගතුඅය්ක් තිබෙනවාද? හැකිලෙනවාද? අස්ථි සංඳි ලිහිල් බවක් පෙන්වනවාද? රෝමෝදගමනය වැඩිද? නන් දොඩවනවාද? අත්ල , පිට, හිස වේදනා දෙනවාද? කුදු බව තිබේද? කොර බව තිබේද?ඉදිමුමක් පෙනෙනවාද? නින්ද යන්නේ නැතිද?හිස නාසය, ඇස්, බෙල්ල, දසරුවෙහි පීඩා දැනෙනවාද? බිඳින්නාක් මෙන් වේදනාද? අනින්නාක් මෙන් වේදනාද? ආකෙෂ්ප ඇති වෙනවාද? වෙහෙස දැනෙනවාද? අත්පා වල හිරිය ස්පන්දනය , භර්භ, ශුක්‍ර, රජස් නැති වෙනවාද? මේ වාත රෝග ලක්ෂනයි. වාත රෝග පක්ෂා ඝාතයට හේතු වෙයි.
වාත රෝග ලක්ෂන මෙසේ කියයි. වායු පිත්ත හා යුත්ත වූයේ නම් දාහය සන්තාපය මුර්ජාව ඇති වෙයි. කථ හා යුත්ත වූවේ නම් ගොතය ගොළුබව , දේහයාගේ ගුරුතා ඇති වෙයි. වායු, කථ, පිත්ත ත්‍රිරෝෂ එකව සෑදෙන පක්ෂාඝාතය සාධ්‍ය වෙයි. කේවල මාත්‍රා වාතයෙන් යුත්ත වූවේ නම් , කෂථ සාධ්‍ය වෙයි. ධාතු ක්ෂය කුපිත වායු ජනිත නම් පක්ෂා ඝාතයක් ඇති වූවේ නම් එය අසාධ්‍ය වෙයි. මොලයේ අනුමස්තික්ෂයේ උඩ කොටසේ මේරූ මජ්ජා ක්‍රියා කරන කොටසේ ඇති වන පීඩා කරී තත්වයන් හේතුවෙන් පක්ෂා ඝාථය ඇති වෙයි. එමෙන්ම මොලයේ රක්ත ශ්‍රාව්‍ය වීමද මොලයේ ලේ කැටි හිරවී ලේ නහර වල ඇති වන බාදා තුලින් නාඩිත් හිරවීම නිසා ඇතිවන පීඩාවන්ද පක්ෂා ඝාතයට හේතුවේ.
පක්ෂා ඝාතයට මූලිකම හානිය ගෙන දෙනුයේ මොලයටයි. එමගින් මොලයේ සංවේධීතාව නැතිකර දමයි. මොලයේ මෙම සංවේධීතාව නැතිවනුයේ කථනයට සම්බන්ද මොලයේ විශේෂ ප්‍රදේශයට හානි පැමිනවීමෙනුයි. මෙම හානි පැමිනීම ක්‍රම දෙකකට සිදු වෙයි. ඉන් එකක් වනුයේ නිවැරදිව වචන උච්චාරනය කිරීමට නොහැකි වීමයි. අනෙක් ක්‍රමය වනුයේ වචන නිවරදි ලෙස ගලපා ගැනීමට නිඔහැකි වීමයි. මෙහිදී තවත් දෙයක් සිදුවෙයි. එනම් මෙම ආබාද දෙකම එකවර ඇති වීමයි. ක්‍රියාත්මක වීමයි.මේම හේතුව මත සංවේධිතාව අහිමි වෙයි. එම අහිමි වන සංවේධීතාව හේතුවෙන් රෝගී ස්ථානයේ ස්පර්ශය නොදැනේ. වේදනාව නොදැනේ. උනුසුම නොදැනේ. පක්ෂාඝාත රෝගී තත්වයන් ගෙන එන තවත් රෝග තිබේ. ඒ අතරින් පෙනීම අහිමියාම ප්‍රධාන රෝගයක් වේ. එමෙන්ම රුධිර වාහිනී පුපුරා යයි. රුධිර ගමන් මග අහුරා ලයි. මෙම රුධිරවාහිනී පුපුරායාම හට ගනුයේ
අධිරුධිර පීඩන තත්වයන් හේතු වෙනුයි. මෙම තත්වයට මානසොක හේතූන්ද බලපායි. දරාගත නොහැකි තරමට කය වෙහෙසා වැඩ කිරිම තවත් හේතුවක් වෙයි. රුධිර ගමන් මග ආවහිර වනුයේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම නිසායි. මෙම තත්වය දිය වැඩියා රෝගය හේතුවෙන් ඇති වෙයි. දියවැඩියා තත්වයට මූලික හේතුව වනුයේ වැරදී ආආර රටවනුයි. තවත් අවස්ථාවක් වනුයේ රුධිරවාහිනී වල ලේ කැටි හිරවීමයි. මෙය රෝග කිහිපයක් හේතුවෙන් ඇතිවෙයි. ඒවා රූමැටික, ධමනි රෝග, උපදාංශ , හදවත් රෝග , පටක ආශ්‍රිත රෝගයන් නිසා ඇති වෙයි. මෙම රෝග තත්වයන්ටද බහුලව හේතුවනුයේ වැරදි ආහාර විහරනයයි, අධික තෙල් භාවිතා කිරීම , අධික ලුණු භාවිතය එම තත්වයන්ට හේතු වෙයි.

Dr MMM Irshad