මේ ඉසිවර අවවාදයයි. ජීවිතය වරද්දා නොගන්න. ජීවිතය වරද්දා ගැනීම යනු, ඒ ජීවිතයෙන් එලැබෙන හත් මුතු පරම්පරවම රෝගී වීමයි. සියලු යහපත් මිනිසුන් බිහිකිරීමට උරදුන් සොබදහම දුන් දෙයට විරුද්දව වැඩ කිරීමෙන් හානියට පත්ව්න ජීවිත සුඛිත මුදිත කිරීමට සොබාදහමේ නියමය ආයුර්වේද ප්‍රථිකාරයයි. සියලු බෝසත් ගති ගුන වලින් හෙබි ජීවිතය අපාදුකට, ජරවට දූගී බවට පත්කරවන විකෘති , පුරුදු පුහුනු ජීවිතයට තව දුරටත් වැද්දා නොගන්න. ඒය කිසිදු ආකාරයකින් යහපත් නොවන්නේ නම් වා පිත් සෙම් නමින් වන ත්‍රිදෝෂයන්ට ගොදුරු වීම වලක්වාලිය නොහැකියි.
මෙය නොසලකා වැඩ කිරීම තුල ඔබෙන් උපදිනා අනගත පරම්පරාවේ දරුවන් ලෙඩ රෝගවලින් සදහට දුක් විදිමින් සමහර විට අකාලයේ මිය යා හැකියි. තවත් සමහර විටක මරනය තෙක් දුක් විඳිමින් ජීවත් විය හැකියි. බලන්න මදකට විමසා., මෙම ලෙඩ රෝගය ගැන.
ඔබ වඩාත් කැමති ඔබේ ශරීරයේ වම් පැත්ත පන නැති වෙනවාටද?
ඔබ වඩාත් කැමති ඔබේ ශරීරයේ දකුනු පැත්ත පන නැති වෙනවාටද??
ඔබ වඩාත් කැමති ඔබේ සම්පූර්න ශරීරයම පන නැති වෙනවාටද?
ඔබ කැමති යම් කොටසක් තිබේ නම් අංශභාග රෝගයට හෝ පක්ෂාගාත රෝගයට ඔබ කැමැත්තක් දක්වන බව කිව හැකියි. අකමැති නම් ඔබ එයින් කියනුයේ අංශාබාග රෝගයට වාගේම පක්ෂාගාත රෝගයටද කැමැත්තක් නොදක්වන බවයි.
වෙදදුරු පනිවිඩය වනුයේ ඔබේ ශරීරයට රෝග ඇති වීම හෝ රෝග ඇති නොවීම සිදුවනුයේ ඔබේ කැමැත්ත හා අකමැත්ත මතයි.
දොෂයන්ගේ ප්‍රධානියා ඔබට එක දිගට කරදර කරන වයක් තිබේ. ඒ ඔබ මැදි වයසේ සිටින විටයි. මැදි වයස ඔබට බරපතල දෝෂ ඇති කරයි. එම දෝෂ සමහර විට තනිඋ තනි වද , තවත් සමහර විටක සාමූහිකවද ඇති කරයි. එම දෝෂ හඳුවන නම වාතයයි. වාත ඇතිකරනුයේ වාත රෝගයි. මෙම වාත රෝග එක් ගනයකට අයත් වෙයි. ඒ මහා රෝග ඝනයටයි. මේ මහා රෝග අතර අතිශය භ්‍යානක රෝගයක් තීබේ ඒ “වාත ව්‍යාධියි” තත්වයයි. එම රෝගය ප්‍රධාන මහා රෝගයක් ලෙස ආයුර්වේදයේ සදහන් වෙයි. මහා රෝගයක් ලෙස සැලකීමට නම් කරුනු අටක් සම්පූර්න වී තිබිය යුතුයි. ආයුර්වේදය එන කරුනු අට දක්වා තිබෙනුයේ මේ ආකරයටයි
කායික මානසික පීඩාවලින් අධිකව පෙලීම , ධාතූන් පීඩා විදීම, උපංද්‍රව ඇති කිරීම, ආරම්භය බලවත් වීම, රෝගයක උපංද්‍රවයක් ලෙසින් ඇති වීම, සහජව ඇති වීම, මර්මස්ථාන පෙලීම ත්‍රිදෝෂජ වීම සහ කේවල වාත රෝග ඇති කිරිම කරන දොෂයන්ගේ ප්‍රධානත්වය ලැබී තිබීම.
වාත රෝග ඇති වීමට ප්‍රධාන හේතුවක් තිබේ. ඒ ධාතු ක්ෂයවීමයි. ධාතුක්ෂය වීමට බෝහෝ හේතූන් බලපයි. මේ එම හේතුයි. පලමුවෙනි හේතුව නම් ආහාර දෝෂයයි. මේයටතේ රූක්ෂ , ශීත ආහාර අධිකව ගැනීම, ආහාර අල්පව ගැනීම, හැම විටකම සැහැල්ලු ආහාර ගැනීම, දේශ විරුද්ධ , කාල විරුද්ධ, ආසාත්මය ආහාර ගැනීම, ආහාර නොගැනීම යනු වෙන් කරුනු දක්වා තිබේ.
දෙවැනි හේතුව විහරන දෝෂයයි. මෙයටතේ අධිකව ව්‍යායාම කිරීම , සීමා ඉක්මවා ලිංගික ක්‍රියාව්ලියන්හි යෙදෙමින් රාත්‍රියේ නිදි වැරීම , වේග වැලැක්වීම යන කරුනු පෙන්වා තිබේ.
තෙවනි කාරනය වන්නේ මිත්‍යා උපචාර හා ප්‍රථිකාර යෙදීමයි. මෙයින් කියනුයේ පංච කර්ම විධි යෙදීමෙන් පසු අසාත්මය ආහාර විහරන විධි ගැනීම, වමන , විරේක, පංච කර්ම විධි අතියෝගව යෙදීමෙන් මල හා රක්තය අධිකව බැහැරවීමයි.
අභිඝාත හේතු හතරවන කරුනයි. මේ යටතේ තැලීම් පහර වැදීම්, වැටීම් වැනි අනතුරු වලට හසුවීම දක්වා ලයි.
පස්වැනි කරුන යටතේ මනසික දෝෂ දක්වා තිබේ. ඒ යටතේ අධික් සිතුවිලි වල යෙදීම, ශෝකයෙන් සිටීම , තරහින් සිටීම, බයකින් සිටීම යන කරුනු පෙන්වා තිබේ.
හයවෙනි කරුන ලෙස රෝගවලින් පෙලී දුර්වල වීමත්
හත්වෙනි කරුන ලෙස ශල්‍යකර්ම වලින් පසුවත් පක්ෂාඝාත රෝගය ඇති වීමට හේතුවන බව පෙන්වාදෙයි.