වෙබ් අවකාශය මිනිසුන් වෙත ගෙනෙන්නේ මහත් පහසුවකි.භාවිතාකරන්නන්ගේ කාලය මෙන්ම වැය අවමකරමින් ඔවුන්ගේ දෛනික කටයුතු බොහොමයක් අදවන විට අන්තර්ජාලය ඔස්සේ ඉ‍ටුකරගැනීමේ හැකියාව ලැබි ඇත.එහෙත් සාමන්‍ය ලෝකයේදී මෙන්ම මෙහිදීද ඔවුන්ව මුලා කරන්නන් නැතිවාම නොවේ.බහුල බාවිතාවන් තුලදී හමුවන එවන් සුලබ වියහැකි අපහසුතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැක.
වෙබ් අඩවියක් ඔස්සේ මිලදී ගැනීමක් හෝ වෙනයම් කටයුත්තක අතර මැදදී ‘Yes, please feel free to fill my inbox with marketing emails’ වැන්නකට එකගවීම කලබලකාරී වන ඔබ අතින් නොදැනීම සිදුවිය හැකි අතපසු වීමකි. ප්‍රථිපලය වන්නේ ඔබගේ ඊමේල ගිනුම වෙත අතොරක් නැතිව පැමිනෙන්නට ගන්නා අනවශ්‍ය ඊමේල් වීම විය හැක.තවත් විටකදී යම් මෘදුකාංගයක free versions ලබාගන්නට කටයුතු කරන අතර පොලබවාගැනීම ඔස්සේ සුලු ප්‍රමාදයකින් ඔබව මිලදී ගන්නා සංස්කරනයක් වෙතට පමුනවා ගන්නට ඔවුන් කටයුතු කල හැක. විමසිලිමත්ව කටයුතු නොකරන ඔබට වන්නේ එම මෘදුකාංගයේ මිලදී ගන්නා සංස්කරනයක කෙටි trial කාලයකට යටත්ව එම මෘදුකාංගය ලබා ගැනීම වේ.එසේම සමහර ප්‍රකට මෘදුකාංග වල පවා නොමිළේ ලබාදෙන සංස්කරනය වෙතට පිවිසීම අපහසුවෙන සේ නිර්මානය කර ඇති අතර කලබලකාරී භාවිතාකරන්නන් පෙර ආකාරයේ අත්හදාබැලීමේ කාලයකට යටත්ව මිලදී ගත යුතු සංස්කරනයක් ලබා ගේ කෙටිකලකින් අපහසුතාවයට පත්වනු දැකිය හැකිය. තවත් විටකදී එලෙස download පි‍ටුවකට පිවිසීමේදී අදාල බටනයට අමතරව සමාන තවත් බටනයන් දක්වමින් ඔබට අනවශ්‍ය බාගතකිරීම් වලට නොදැනීම පොලබවා ගැනීම දැකිය හැකිය. එවැනි අවස්ථා වලදී හුරු පුරුදු අයෙකු පවා දෙවරක් නොව තෙවරක් විමසීමකින් තොරව ප්‍රතිචාර දැක්වුව හොත් අනවශ්‍ය බාගත කිරීමකට පෙලබිමක් සිදුවනු ඇත.
නොමිලේ ලැබෙන පමනක් නොව කලාතුරකින් මිලදී සංස්කරන සමග පවා එම මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය Toolbars ආදී කොටස් ඔබගේ පරිගණකය මත ස්ථාපනයට ඔබ පොලබවා ගන්නා ආකාරය සකස්වී පැමිනිය හැක. ස්ථපනයේදී ඔබ පසුකරන පියවරවල් පිලිබදව නොසැලකිලිමත්වීම එයට ප්‍රධාන හේතුවක් වේ. බොහෝ විට බ්‍රවුසරය ඉලක්ක කරගමින් පැමිනෙන මෙම මෘදු කොටස් ඔස්සේ පසුකාලීනව අපහසුතාවයට පත්වන භාවිතාකරන්නන් බහුලව දැකිය හැකිය.මෘදුකාංගයක් ස්ථාපනයේදී පසුකරන පියවරවල් තුලදී එම අමතර මෘදු කොටස් ස්ථාපනයට ඔබ එකග බව හගවන පෙර සැකසුම් සහිත අවස්ථා හඳුනාගෙන ඒඅවා මග හැරීම ඔබට ඉමහත් පහසුවක් වනු ඇත.
– siriwansa