අනාගතය ගැන බිය ඇති කිරීමද බහුල අවධානය දිනා ගන්නා සිදුවීමකි. නිර්මානකරුවන් මේ බව හොඳින්ම භාවිතාකරන පිරිසකි. සිනමාව මේ අතින් ඉදිරියෙන්ම සිටී. අනගත රොබෝවරුන් විසින් පාලනය කරන ලෝකයක් ගැන විටින් විට එන නිර්මාන මිනිසුන් තුල ඇති කරනුයේ බිය රසයකි. එහෙත් මෙවැනි නිර්මාන හුදු හිතලූන් ලෙසට පමනක් සලකා ඉවතලන්නට නොහැකි බව ඉතිහාසය විටින් විට පැහැදිලිව ඔප්පුකර ඇත. සමහර අපූරු නිර්මාන සිනමා පටයක සිට සැබෑ ලෝකයේ අත්දැකීමක්ව එන්නට ගතව ගොස් ඇත්තේ වසර කිහිපයක පරතරයක් බවට බොහෝ සාධක පවතී. මිනිසුන් පාලනය කරන තාක්ශනික උපාංග වල පැමිනීම ගැන බිය වීම කෙසේ වෙතත් පැමිනෙන වඩාත් අපූර්ව සියුම් තාක්ශනයන් වඩාත් හික්වීමෙන් පාලනය කරන මිනිසුන්ගේ අවශ්‍යතාවය නිවැරදිව නොසැපිරීමේ අවධානම නම් අදටත් වඩ ව්ඩාත් දිනෙන් දින පැහැදිලි වෙමින් ඇත. දියුනු උපාංග සදහා දියුනු මිනිසුන්ද අවශ්‍ය වීමේ මැකිය නොහැකි සාධකය මොහොතින් මොහොත වඩාත් පැහැදිලි වෙමින් තිබෙතැයි මම සිතමි.
IoT සමග තාක්ශනය මිනිස් වටපිටාවට වඩ වඩාත් සමීපවීම සමගම ඒවා බොහෝ විට ස්වධීන පද්ධති බවට පත්වීමේ ප්‍රවනතාවය සමග මේ බව යලිත් කැපී පෙනෙමින් ඇත. Droneයක මාර්ගයෙන් පහසුවෙන් නිවසේ දොරකඩට පැමිනෙන මිලදී ගත් යමක් වන විට ත්‍රස්තමනසකින් ක්‍රියාත්මකව එය මතට පටවා පුපුරන යමක් පැමිනීමේ අවධානම අමතක කල හැකිදැයි ඔවුන් විමසමින් සිටී. නිවසේ උෂ්නත්වය පාලනය කරන පද්ධතිය පැහැර ගන්නා අයෙක් එම පද්ධතියේ උෂ්නත්වය සීමාව ඉක්මවමින් හානියක් වන මට්ටමට පත්කිරීමේ හැකියාව නොමැතිදැයි ඔවුන් විමසති. මට මතක ආකාරයට කලකට පෙර කියවූ සටහනක් මෙසේ සටහන් කරමි “තාක්ශනයට එම පද්ධතියේ පාලනය ඔස්සේ පැමිනෙන හානීන් බොහොමයක් දුරට පාලනය කල හැකි නිමැවුමක් ගෙනෙන්නට හැකි වුවද චේතාන්විතව එය හානිකර ලෙසට යොදාගන්නා මිනිසාගෙන් එය ගැලවී සිටින්නට නම් නොහැකි වනු ඇත”.