දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa