සබරගමුවේ ප්‍රධානතම දේව වන්දනාව වන්නේ සමන් දේව වන්දනාවයි. බුදුන් වහන්සේගේ කල ලංකාවේ සිටි දේව ගෝත්‍රික ජන ප්‍රධානියෙකු බවත් බුදු වහන්සේ මයියන්ගනයට වැඩම කල දිනයේ බන අසා සෝවාන් වූ බවත් තෙවන වර ලංකා ගමනේදී සමනල කඳු මුදුනේ සිරිපා සටහන් පිහි‍ටුවා ගත් බවත් ජාන ප්‍රවාදයයි. සුමන ” සමන් ” මහා සුමන යන නම් වලින්ද හඳුන්වන මෙම දෙවියෝ සුදු ඇතෙකු වාහනය කරගෙන ලොව සැරිසරන  බව සදහන්ය. සුමන සමන් දෙවියෝ භෞතික සැප සම්පත් උදා කර දෙන දෙවි කෙනෙකු වන අතර ශ්‍රීපාද වන්දනාවේ සමන් දෙවිආශිර්වදය බැතිමතුන් බලාපොරොත්තු වේ. මැනික්  පතල් කර්මාන්තයද සමන් දෙවිආශිර්වාදය පිලිබඳ විස්වසය තැබූ කර්මාන්තයකි. සමන් දෙවියන්ගේ [ප්‍රධාන දේවාල හතරකි
1. මයියන්ගනය සමන් දේවාලය
2. රත්නපුර සමන් දේවාලය
3.දැරනිය සමන් දේවාලය
4. බොල්තුබේ සමන් දේවාලය
රන්ත්නපුර සමන් දේවාලයේ ස්වර්ණමය යුගය සීතාවක රාජසිංහ සමයයි. සමන් වෙහෙර අංග සම්පූර්න කල රජතුමා ගම් 22ක් නින්දගම් 48ක් හා පිදවිලි ගම් 360 ඇතුලු විශාල වස්තු සම්භාරයක් පූජාකර ඇත. දෙල්ගමුව වෙහෙරෙන් දළඳා සමිදු රත්නපුර සමන් වෙහෙරට වැඩමවා පෙරහැර 11ක් කරවූ බව ද සදහන්ය. දැරනියගල හා බොල්තුඹේ සමන්දේවාලය රාජසිංහ රජතුමා ඉදිකල බව වංශ කථාවල දැක්වේ.