සමහර රාත්‍රීන් මහත් ශාන්ත බවක් ගනී. ආශ්‍රම කඳු මුදුනතදී එය දිව්‍යමය අත්දැකීමකි. නෙත් මානය පුරාවට විහිදෙන නිදහස මහත් සමාධියක් නිර්මාණය කරදෙයි. ජීවිතයේ ඔබ මොබ මනස් සක්මනකට එය තෝතැන්නක් බඳුය. සියලු බැදීම් වල රස නීරස බව පසක් කෙරුමට තවත් මෙතරම් අවකාශයක් නැතුවා වියයුතු යැයි සිතේ. ලොකු ස්වාමීන් වහන්සේගේ ඔවදන තරම් තවත් ගැලපෙන උපදෙසක් ලොව නැතැයි මම සිතමි. “මහත්මයා ඔබ මනසින් මෙහි රැගෙන ආ ඇයව මෙහි ලැබෙන විවේකයත් සමග නැවත කියවා බලන්න. අත්හරින්න හැකිනම් ඒසේ කරන්න. නැතිනම් ආපසු ගොස් නැවත දිනයක ආපසු එන්න.”
Pubudu Siriwansa
#siriwansa