වෙලන්ගල්ල
සිංහල වෙදකමට යොදා ගන්නා ඖෂධීය ගස් වර්ගයකි. මෙම වෙලන්ගස් බහුලව තිබූ ප්‍රදේශය වෙලන්ගොල්ල වෙලන්ගල්ල නම් විය. අහීතයේ පටන් දක්ශ කුඹල් කර්මාන්ත කරුවන් පිරිසක් මෙම ප්‍රදේශයේ පදිංචිව සිටියහ. ඔවුන් විශාල වශයෙන් වලන් වැනි මැටි භාන්ඬ නිපදවූ අතර වලං ගොල්ල “සමූහය” තිබූ ප්‍රදේශය වලං ගොල්ල වෙලංගල්ල වූවා යැයිද මතයක් පවතී.
නාගොඩ
නා ගස් බහුලව තිබූ ප්‍රදේශය නාගස් ගොඩ නාගොඩ වශයෙන් හැදින් විය.
බෝමළුව
අවිස්සාවෙල්ල පනාවල මාර්ගයේ කිලෝමීටර හතරක් පමන ගිය තැන හමුවන ගම්මානයයි. ප්‍රදේශවාසීන් වැදුම් පිදුම් කල බෝ වෘක්ෂයක් පාර ආසන්නයේ තිබුනි. පනාවල මාර්ගය විශාල කීරීමේදී මෙම බෝ ගස ඉවත්කිරීමට සිදුවිය. එම බෝධිය තිබූ ස්ථානය බෝමලුව වශයෙන් අදත් භාවිතා කරනු ලැබේ.
යක්දෙහි කන්ඳ
ශාන්තිකර්ම කරන පුද්ගලයන් යක් දෙස්සන් වශයෙන් හදුන්වයි. එම යක්දෙස්සන් පදිංචිව සිටි ප්‍රදේශය යක්දෙහි කන්ද වශයෙන් හඳුන්වයි.
තැලුම්පිටිය
මෙම ගමට අදහස් දෙකක් හමුවී තිබේ. අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ පිහිටි මෙම ගමේ රජතුමා වරදකරුවන්ට දඩුවම් දුන් ස්ථානයක් පිහිටා තිබුනි. කස පහර හා පොලු මුගුරු ආදියෙන් තැලූ නිසා තැලූපිටිය තැලුම්පිටිය නම් විය.
අතීතයේ පනාවල සිට සීතාවක රජ මලිගයට එන මාර්ගය මෙම ප්‍රදේශය හරහා තිබුනි. ආරක්ෂිත මුරපොලක් මෙම ප්‍රදේශයේ තිබූ අතර අවට බලන ප්‍රදේශය බැලුම් පිටිය පසුව තැලුම් පිටිය නම් විය.
රංගේගම
සීතාවක රජ වාසලේ භාන්ඩාගාරය තිබූ ප්‍රදේශය රංගේගම පසුව රංගේ ගම නම් විය.
පනාවල
පන්න යනු ආම්පන්න හෝ අවි ආයුද යන අදහස දෙයි. සීතාවක රජ දවස අවි ආයුධ උපකරන මෙම ප්‍රදේශයේ තනන්නට ගබඩා කර තබන්නට ඇත.
හකුරු අ‍ටුව
අතීතයේ පටන් පැනි ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහල වෙළඳාමක් තිබුනි. සීතාවක වෙළඳ නගරය නිසා හකුරු හා පැනි ආදිය වෙළඳාම් පිනිස ‍රැගෙන ආ අතර ඒවා තොග ‍රැස් කර තබන ස්ථානයයි.
නුගේවත්ත
පැරනි සීතාවක සබරගමුව මාර්ගයේ විශාල නුග ගසක් තිබුනි. ඒම නුග ගස පිහිටි ඉඩම ආශ්‍රිත ප්‍රදේශය නුගේවත්තයි.
ගලපිටමඩම
සීතාවක සබරගමුව මාර්ගයේ ගමන් කරන්නන්ට ගිමන් නිවා ගන්නට අම්බලමක් තිබූ ස්ථානයයි. වර්ථමානයේ මෙම අම්බලම දකින්න නැති වුවද එම ගම් ප්‍රදේශය ගලපිට මඩම වශයෙන් හදුන්වයි.
දිවුරුම්පිටිය
අවිස්සවෙල්ල රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ඇගලුම් කම්හල පිහිටි කඳු මුදුන ප්‍රදේශයේ සීතාවක සිරගෙය පිහිටා තිබුනි. රජකාලයේදී වරද කරුවන් නිර්දෝෂී බව පෙන්වීමට දිවුරීම කල අතර සිරකරුවන් දිවුරුම් දුන් ප්‍රදේශය දිවුරුම් පිටිය ලෙසද සිරගෙය අසලින් ගලා ගිය ඇල හිරගේ ඇල වශයෙන්ද හදුන්වයි.
ගැටගැත්ත
ශිවුරුම්පිටිය පසුකල විට හමුවන ප්‍රධාන නගරයයි. කෑඳන සිට එන මාර්ගයද ප්‍රධාන මාර්ගයට සම්බන්ද වීම නිසා ගැට හැත්ත දියුනු නගරයක්ව ඇත. ගැටහැත්ත යැයි නම් යෙදුනේ අතීතයේ තොවිලයක යකෙක් බැඳ දැමීමට ගැට හැත්තෑවක් ගසා අල්ලා ගත් ප්‍රදේශය නිසා ගිට හැත්ත වු බවයි. සීතාවක රජදවස ප්‍රධාන මුරපොලක් ගැට හැත්තේ තිබූ බවට ඇවුල් සංදේශය විස්තරකරයි.