අවිස්සා වෙල්ල පනවල මාර්ගයේ කිලෝ මීටර් 1.5ක පමන ගිය තැන ඇත්තේ සීතාවක රජමාලිගය තිබූ ස්ථානයයි. අදද මෙම ඉඩම මාලිගාවත්ත ලෙස හඳුන්වයි. සීතාවක නුවර අග නුවර කරගත් මායදුන්නේ රජතුමා ආර්ය නම් ඇමතිවරයා ලවා මෙම සුන්දර ආරක්ෂිත භූමියේ මාලිගා සංකීර්නය ඉදිකර වීය. මායාදුන්නේ රජතුමා රජමලිගය රාජසභා ශාලාව / සක්මන් මන්ඩපය / සළු මන්ඩපය/ උළු පැන් ගෙය / ආයුධ මඩු/ බිසෝ මාලිගා / ගබඩා ගෙවල් / මුරුතැන් ගෙවල්/ ඇත් හල් / අස් හල්  ආදියෙන් මාලිගා භූමිය අංග සම්පූර්න කල බව “සීතාවක හටනේ” 137/138/139 කවි වලින් විස්ථර කෙරේ. එසේම බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කනු මත වහලය සාදා රන් කොත් පලදවා බිත්ති සිතුවමින් අලංකර කර ඇති රාජ මන්දිරය පිලිබඳ තොරතුරු සැවුල් සංදේශයේ 73/74/75 කවි වලින් විස්තර කෙරේ. මාලිගා සංකීර්නය දෙවි පුරය මෙන් ශෝබාමානයෙන් බව සැවුල් කතුවරයා කවි පංති ගනනවකින් විස්තර කර ඇත. වරින් වර සිදුවූ සතුරු ආක්‍රමන නිසා මෙම මාලිගා සංකීර්නය විනාශ විය. ක්‍රි.ව. 1675 ලංදේසීන් මාලිගා භූමියේ ගොඩ නැගිලි නටබුන් බලකො‍ටුව තැනීමට යෝදා ගත් නිසා මාලිගය පිලිබඳ කිසිවක් සිතා ගත නොහැකිය. මාලිගවට යෙදූ කැපූ කබොක් ගල්, පෙති උළු කැට හා ගඩොල් කැට මෙම භූමිය අවට විසිරී පවතී.