මායාදුන්නේ සීතාවක රාජධානියේ සිටි නම් සදහන් මුදලිවරුන් හතලිස් දෙනාගෙන් එක් අයෙකු වූ ඒක නායක මහමුදලිගේ නයකත්වයෙන් යුත් සොල්දාදුවන් හාරදහස් පන්සීයකින් රජකීය ඉන්ජිනේරුවන් 400 කින්, ඇතුන් හතරකින් අස්ව හමුදාව කින් සමන්විත සේනාංකයක් සංවිධානය කලේය. 1562 ජූලි මාසයේදී කෝට්ටේ වැටලීය. උපදේශය වූවේ කෝට්ටේ තදාසන්න ගම්වල සියලු දේ ආලපාළු කරන ලෙසටය. ඉන් අගනුවව්‍ර (කෝට්ටේ) නිරා හාරව තබන ලෙසටය. එහින් පෘතුගීසීන් කෙරෙහි බල පෑමක් නැති නම් වෙනත් මට්ටමකින් හෝ පදිංචි කරුවන්ට යටත් වීමට බල කල යුතුය යන්නය.
ඒකනයකගේ උපාය මාර්ග සාර්ථක විය. අවාසනවන්ත (කෝට්ටේ ) වැසියෝ අපේක්ෂා භංගත්වයට වැටුනහ. මුල්ලේරියාවේ කොලොන්නාවේ (සිංහල) සේනාංක ස්ථාපිත කෙරිනි. මුල්ලේරියාව සහ කොලොන්නව ක්වේරෝස් හඳුන් වන ලද්දේ ඹොලෙරිඅ සහ ඵෙලොන්නය යනුවෙනි.
(කෝට්ටේ) වැසියන් ඔවුන්ගේ අවනත භාවයට ත්‍යාග වශයෙන් එවන් වේදනාකාරී අස්වැන්න නෙලා ගනිද්දී ඔවුන් කැරලි ගැසීම වැලක් වීමට හා ඔවුන්ට සහනයක්ස් අදහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නට කෝට්ටේ යුද්ධ කාර්ය මන්ඩලය තීර්නය කලේය.
එවකට මුල්ලේරියාවේ සිටි ඒකනායක මුදලි ඔවුන් හමුවීමට යාමට උත්සුක වුවද සිංහල යුද්ධ මන්ත්‍රන සභාවේ බුද්ධි අංශය බලකොටුව තුල රැඳී පොරොත්තුව සිටින ලෙසට හේ පොලඹවන ලද්දේය.
බලකොටුව මැටි ප්‍රකාර තුනකින් හා පරිභාවකින් -අඹතලේ ඇලෙන්- ආරක්ශාව කරන ලද්දේ විය. පෘතුගීසී හුද ඉට අතේ දුරින් වාඩි ල ගත්හ. දහවලක් සහ රැයක් ගත වුවද සේනංක දෙක පහර දීමක් ආරඹ නොකලහ. අවසනයේදී සීතාවක සේනාවෝ එලියට බටහ. පෘතුගීසීහු සාටනට වන්හ. යුධ බෙර, නලා, හොරනෑවල බිහිසුනු ගෝෂාවෙන් යුද්ධයේ ආරම්භය ප්‍රකාශ විනි. සීතාවක සේනාව ඔවුන්ගේ දිය අගල _අඹතලේ ඇළ හෙවත් මුල්ලේරියාව ඔය ලගට පසුබස්වන තුරු පෘතුගීසීහු වරින් වර ප්‍රහාරයට ලක්වූහ. පෘතුගීසී හේවායෙක් සිංහල සේනාව ඔවුන්ගේ බලකොටුවේ දොරටුව ලගටම එලවාගෙන ගියේය. එහිදී හේ කපා මර දමනු ලැබීය. ඒ අතර හීපාර දෙකක් වැදීමෙන් සිදුවූ තුවාල වලට පිරිවැය වශයෙන් තවත් පෘතුගීසී හේවායෙක් ඒකනායක මුදලිගේ යුද්ධ ධජය උදුරා ගත්තේය.
රැයේ කළුවර යුද්ධයට විරාමයක් දුන්නද වෙහෙසට පත්ව සිටි පෘතුගීසීහු ඉර උදාවත් සමග තමන් පසුබස්නා මග අවුර සිටි දෙවන සිංහල සේනාංකයක් දැකීමෙන් භීතියට පත්වූහ. මේ දෙවන සේනාංකය මෙහෙය වන ලද්දේ එව්කට තුවාල සහිතව සිටි රාජසිංහ ලෙඬ ඇදෙන් ඉවත්ව සේනාව සංවිධානය කොට සටනට අවතීර්න වීමෙනි.
– පොත පත ඇසුරෙනි
