Back to Top

Monthly Archives: November 2014

සෑබෑ ඩිජිටල් පුරවැසියා තවමත් ලෝකයේ ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් සිටී….

  තොරතුරු ලෝකය සමාන්‍ය ලෝකයට සමාන්තරව දිවෙන තවත් සජීවී තලයකි. සාමන්‍ය ජීවිතයට සමාන්තරව දිවෙන මෙවැනි ආකාරයේ තලයන් බොහොමයක් අප අත්දැක ඇත්තෙමු. විඳ ඇත්තෙමු. එහෙත් එය තව දුරටත් හුදු තාක්ශනික මෝස්තරයකට වඩා යමක් බව තාර්කික වී හමරය. එය බොහෝ තාක්ශනික අවකාශයන් දෛනික මිනිස් දිවියට ගෙනා වෙනසට වඩා යමක් ‍රැගෙන විත් ඇති නව මද හදාරන්නෙකුට පවා පැහැදිලි වන සත්‍යකි.ඔබට එය ප්‍රතික්ශේප කලහැක. එහෙත් ඔබගේ දෙපා රදවා ගෙන සිටින තලය ඔබගේ මනෝකල්පිත ප්‍රතික්ශේප කිරීමක් ඔස්සේ වෙනස් කරන්නට නොහැකි වනු ඇත.
එය මිනිස් වර්ගයාගේ දිගැති කථාන්දරයට නව පරිච්ඡේදයක් එක් කොට හමාරය.එය රෝදය , තියුනු තලය සොයා ගැනීමටත් වඩා මිනිස් කථාන්දරයට වෙනසක් ‍රැගෙන විත් ඇත.එය ඔබ හා සැබෑ ලෝකය අතර සිට ගනිමින් ජීවිතයට නව කියවීමක් ‍රැගෙන විත් ඇත. ඔබ අතැති ස්මාර්ට් දුරකථනය ලෝකය හා මිනිස් දිවිය අතරවූ බොහෝ සීමාවන් අවසන් කොට ඇත. “දුර” එක් සීමාවකි. “වේගය ” තවත් එක් සීමාවකි. මිනිස් කථාන්දරය පාලනය කරමින් සිටි එම භෞතික සීමාවන් පමනක් නොව ඔබගේ නිර්මානාත්මක මනස එය විසින් උඩු යටිකුරු කොට ඇත. අවසාන වෙනස තවමත් අප අතරට එමින් පවතින්නකි. සැබෑ ඩිජිටල් පුරවැසියා නැතිනම් ඩිජිටල් ලොව තුල සැහැල්ලු මිනිසා තවමත් පාසැල් වල ප්‍රාථමික ශ්‍රේණිවල ජීවිතයේ නැතිනම් ලෝකයේ මූලික සංස්කල්ප වල ඩිජිටල් සංස්කරනය අකුරු කරමින් ඇත.

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්….

  අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

මෙතැනින් එම මෘදුකාංගයේ නවතම සංස්කරනය ලබා ගන්නට හැකි වනු ඇත

Posted in Software | Leave a reply

නුදුරේදීම ambulance drone ඔස්සේ ප්‍රථමාධාර ඉක්මනින් එනු ඇත…..

  –  – බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා “හදිස්සි සේවාවක්” යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම brain death තත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. මෙම ගැටලුව වෙතට තම අවධානය යොමු කල නෙදර්ලන්ත හදාරන්නන පිරිසක් ගෙනෙන විසදුමක් වන්නේ hexacopter නොහොත් ambulance drone යකි. 60mph වේගයක් ඇතිව අවශ්‍ය ස්ථානය වෙතට පැමිනිය හැකි මෙම droneය අවශ්‍ය මූලික උපකරන වලින් මෙන්ම කැමරාවකින් ඇතුලු අදාල රෝගියා වෙතට සහය දැක්වීමට ඉදිරි පත්වන්නාට අවශ්‍ය උපදෙස් ලබා දීමෙ හැකියාවක් ලබා දෙන පාලක මැදිරියක සිටින වෛද්‍ය සහයකයා සමග හොඳින් සම්බන්දවීමේ හැකියාවෙන් යුත්ත බවටයි පැහැදිලි කෙරෙන්නේ. අවශ්‍ය වන defibrillators වැනි සහයක් පහසුවෙන්ම අදාල රෝගියා වෙතට ලබා දෙන්නට මෙම පහසුකම් සමත්වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පවසන්නේ දැනට මූලික පහසුකම් කිහිපයකට පමනක් මෙම ආකරයේ සේවාවක් සමන්විත වන සේ සැලසුම් උවද ඉදිරියේදී oxygenmask, EpiPen, insulin injectors වැනි තවත් පහසුක් වලින් සමන්විතව පැමිනීමේ හැකියාවක්මේවා වෙතට ලැබෙනු ඇති බවය. මෙම ආකාරයේ Drone සේවාවක් සදහා අවශ්‍ය නෛතික අවසරයන් , අඩු නිෂ්පාදන වියදම් වැනි ගැටලු විසදෙමින් දැනට ඇති අතර නුදුරේදීම මෙම පහසුව සාමන්‍ය භාවිතාවට පැමිනෙනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.

silicon transistors වෙනුවට පැමිනෙන්නට ඇති carbon nanotube transistors..

   silicon transistors වෙනුවට විකල්පයක් පිලිබදව අවධානය කාලයක තිස්සේ හදාරන්නන්ගේ ඉලක්කයක්ව තිබිනි. පලවන නවතම වාර්ථාවක් පවසන්නේ carbon nanotubes සමග smartphones, laptops, tablets සහ supercomputers සදහා කොටස් නිපදවා ගන්නට හැකිවා පමනක් නොව වඩාත් කුඩා හා බලයෙන් වැඩි මට්ටමේ සහයක් ඒවා ඔස්සේ ලබාගන්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. විප්ලවීය වෙනසක් ගෙනෙන්නට සමත් වෙතැයි අනාවැකි පලවෙමින් ඇති මෙම නව භාවිතාව අඩු බල භාවිතයක් සමග අඩුවෙන් නිපැදවෙන තාපය වැනි දැනට භාවිතාවන ට්‍රාන්සිස්ටරයට සාපේක්ෂව වැඩි ලාභදායී බවක් මෙම  carbon nanotubes සමග ලබා ගන්නට හැකිවනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.Stanford University යෙහි විද්වතුන්  පිරිසක් පවසා සිටින්නේ තමන් මේ වන විටත් carbon nanotube transistors පමනක් භාවිතාවන සම්පූර්න ක්‍රියාකාරීත්වයක් ඇති  පරිගණකයක් නිපදවා ඇති බවකි. 20 වන ශත වර්ෂයේ බලගතුම සොයා ගැනීම බවට පිලිගැනෙන transistor නොපැමිනීයානම් තවමත් සර්වරයක් යනු මහල් තුනක ගොඩනැගිල්ලක ප්‍රමානය ගන්නා බවට කෙරෙන උපමාව ඔස්සේ එහි කාර්යක්ශමතාවය පිලිබද මනා වැටහීමක් ලබාගන්නට හැකි වන අතර වෙගවත් පරිගණක උපාංග දියුනුවත් සමග transistor වල හැකියා සීමාවට තාක්ශනය පැමින ඇති බව පසුගිය කාලයේ නිතර අසන්නට සිදුවනු ප්‍රකට පිලිගැනීමක්ව ඇත. එම සීමා ‍රැගෙන එන “Moore’s Law” මගහරින්නට නම් සිලිකන් වෙනුවට වෙනත් විකල්ප භාවිතයක් පිලිබදව දැඩි අවදානයක් ඇතිව තිබිනි.

PayPal වෙතින් Microsoft ecosystem වෙතට payment service එකක්…

   

PayPal වල payment service සදහා සහය දක්වන triangular dongle එකක් Windows හා Windows Phone වල ecosystem වෙතට පැමිනෙන්නට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. දුරකථනය සමග පැමිනෙන 3.5mm ප්‍රමානයේ headphone jack සබදතාවයට ගැලපෙන ආකාරයට නිමව එන මෙම උපාංගයට credit, debit card වල වන magnetic strip කියවීමේ හැකියාව සමග ක්‍රියාත්මක වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. නොමිළේ එන මෙම dongleය හා app මෘදුකාංගය භාවිතයේදී වන ගනුදෙනු වලින් කුඩා ප්‍රතිශතයක් අයකරන්නට නියමිත බවටත් කියවෙනවා. මේ සදහා වන pilot programය එලබෙන වසරේ එනම් January-February 2015 ආරම්භ වනු ඇති බවට දැක්වෙනවා.  – Pubudu Siriwansa

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන ලද සැටලයිට් එකක ආධරයෙන් සාමාන්‍යයෙන් භාවිතාකරන්නා නිවසේදී අන්තර්ජාලය ඇසුරුකරන බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අත්විදීමේ හැකියාව 2014 අවසානය වන විට භාවිතාවට පැමිනෙනු ඇති බවටයි. බ්‍රිතාන්‍ය ආයතනයක් පවසන්නේ on board Wi-Wi සබ්දතාවක් ඔස්සේ ධාවනය වන වාහනයක සිට භාවිතාකරන්නෙකුට 10Mbps වෙගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා දීම ලගදීම සිදු කරන්නට සූදානම් බවයි. එසේම බ්‍රිතන්‍ය ආයතනයක් පවසන්නේ දුම්රිය මග සවිවන ආධාරක ඔස්සේ ධාවනය වන දුම්රියේ ඇති signal Boosters සමග සර්ථක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් එහි මගියාට ගෙන එන්නට වන වියාපෘතියක් මේ වන විට ඇරබෙමින් ඇති බවයි. – Pubudu Siriwansa

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

  එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පි‍ටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක නවීකරනයකට සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ. වීඩියෝ පලකිරීම් වලටත් ඉඩ සැලසෙන එම නවීකරනය සමග  තමන් දැනට බෙදා හදා ගන්නා මිතුරන්ගේ පලකිරීම් උවද අවශ්‍ය අනවශ්‍ය ලෙසට වර්ගීකරනයකට යටත්ව අවශ්‍ය පලකිරීම් පමනක් තම මුල් පි‍ටුව වෙතට එන්නට සැලැස්වෙන අකාරයකට සැකසුම් පැමිනෙන බවටත් නිවේදනය වනවා. මෙම නවීකරනයට අනූව පලමුව එන අංගය ලෙසට එලබෙනසතියේ සිට Direct Messages ඔස්සේ තවත් භාවිතාකරන්නෙකු සමග පෞද්ගලිකව දෑ බෙදා හදා ගැනීමේ හැකියාව බලපොරොත්තු වන ලෙසට පැවසෙනවා. Pubudu Siriwansa

Posted in Twitter | Leave a reply

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

    Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් අඩවි පවත්වාගෙන යන්නට දායක විය හැකිවා මෙන්ම ඒව සමග එන විටක කරදරකාරී පවා වන වෙළඳ දැන්වීම් වලින් තොරව ඒවා වෙතට යාමේ හැකියාව ලැබෙනු ඇති බවය. මෙම වැඩසටහන අයත් වනවෙබ් අඩවි වෙතට පිවිසෙන්නන්ට එහි වූ වෙළඳ දැන්වීම් වෙනුවට “thank you” පනිවිඬයක් සමග pixilated panelයක් දර්ශනය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දායක වන්නා ගෙවන ලබන මුදලින් කොටසක් සේවා ගාස්තු ලෙසට අයකරමින් ඉතිරිය එම වෙබ් අඩවි වෙතට ගෙවන්නට ආයතනය සැලසුම් කරමින් සිටින අතර ඒ ඔස්සේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී වන වියදම් පියවා ගැනීමට එම අඩවි පවත්වාගෙන යන්නන්හට හැකි වනු ඇති බවටයි Google ආයතනය බලාපොරොත්තුව වන්නේ.  දැනට ප්‍රධාන පෙලේ වෙබ් අඩ්වි කිහිපයක් තම වැඩසටහන සමග එක්ව ඇති බවටත් එම ආයතනය පවසා සිටිනවා. Pubudu Siriwansa

Posted in Google | Leave a reply

Facebook ආයතනය අප්‍රිකානු රටවල් අතර වැඩි අන්තර්ලාජ පහසුවක් ලබාදීමට එකගතාවයකට එලබේ.

  තොරතුරු ලෝකයේ දැවැන්තයන් අතර internet භාවිතාව ලොව පුරා වඩාත් පුලුල් කරන නෙක ආකාරගත් සැලසුම් විටින් විට පැමිනෙමින් තිබේ. පලවන නවතම පුවතක් පවසන්නේ Facebook ආයතනය අප්‍රිකානු ප්‍රදේශයේ විශාල කොටසක් ආවරනය වන පරිදි නොමිලේ අන්තර්ජාලය ලබාදීමේ අරමුනින් satellite පහසුකම් සපයන ආයතනයක් සමග එකගතාවයකට පැමින ඇති බවයි. මෙම ආයතනය දැනටත් satellite ආධාරයෙන් අප්‍රිකානු විශාල ප්‍රදේශයකට broadband පහසුව සපයන ආයතනය වන අතර මෙම ගිවිසුමෙන් අනතුරුව තවත් satellite දෙකක ආධාරයෙන් ඉදිරි තුන් අවුරුද්දක කාලය තුල තම සේවාවන් වැඩි වපසරියක් කරා ව්‍යාප්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. මෙම Avanti’s satellites ආධාරයෙන්  base station වෙතට තරංග ආකාරයෙන් ලබා දෙන අතර එතැන් සිට  Wi-Fi signals සමග භාවිතාකරන්නන් අතර බෙදා හරින්නට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ global productivit ඉහල නැංවීමේලා අන්තර්ජාල පහසුව විශාල සහයක් වනු ඇති බවයි.  

Posted in Facebook | Leave a reply

Windows 10 සමග Cortana පැමිනෙන බවට තොරතුරු හෙලිවේ…..

  ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන ඇති අවසන් පෙර සංස්කරනය සමග ඡොර්ටන පිලිබදව හෝඩුවාවන් කිහිපයක් දක්නට ලැබෙන බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Sඋර්ෆචෙ සදහා ඡොර්ටන සෙට්ටින්ග්ස් ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු මකා දමන්නට පහසුකම් පැමිනීම ඔස්සේ මේ බව සනාත වෙමින් තිබෙනවා. Setting වල ‘privacy’  කොටසේදී  පැමින ඇති මෙම අංගය සමග උපාංගයේ තැන්පත් වන භාවිතාකරන්නාගේ තොරතුරු  (personalization data)  උපාංගයෙන් ඉවත්කර දැමීම සදහා මෙම අංගය යටතේ ඉඩ සැලසෙන බවටයි විස්තර කෙරෙන්නේ. ඊට අමතරව cloud based ආකාරයට තැන්පත් වන තොරතුරු ඉවත්කර ගැනීම සදහා Bing වෙතට පිවිසෙන්නට සිදුවෙන අතර දැනටමත් Windows Phon සමග මෙම සැකසුම් දැනටමත් මෙම අංග ක්‍රියාත්මක අතර Windows Desktop සදහා පැමිනීමට නියමිත බවට පෙර හෝඩුවාවන් ලෙසට හදාරන්නන් මෙම පැමින ඇති අංග හදුන්වා දෙනවා. 

නෛතික නොවන බාගතකිරීම් දුර්වල කරන්නට Google එකගවේ….

  කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය ‍රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට අදාලව වෙළඳ ප්‍රචාරනයන් සදහා කටයුතු කල යුතු බවකි. මේ වන විට Google තම ස්ථාවරය වෙනස් කරමින් යම් භාවිතාකරන්නෙකු සෙවුමකදී “Free” “Download” වැනි වචන සහිත සෙවුමකදී අදාල ගොනු නෛතිකව ලබා ගන්නට අදාල වන Amazone නැතිනම් Netflicx හෝ Google play store වැනි යොමු කිරීමකට මුල් තැතන් දෙන ප්‍රථිපල ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. ආයතනය පැහැදිලි කරන්නේ නෛතික නොවන බාගත කිරීම් සදහා පැමිනෙන ප්‍රථිපල වඩාත් පහත ස්ථානයක් ලබා දෙන්නට අවශ්‍ය ක්‍රම වේද මෙන්ම  Autocomplete වැනි පහසුකම් වලදී එවැනි ප්‍රථිපල සදහා සහය දැක්වීම දුර්වල කරවන සැකසුම් තමන් ගෙනෙමින් සිටින බවකි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් සදහා ක්‍රියාත්මක මෙම යාන්ත්‍රනයන් ක්‍රමයෙන් ජාත්‍යන්තර භාවිතාකරන්නන්ස් අදහාද අදාල වන ලෙසට මුදා හැරීම සිදුවන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ පසුගිය වසරේ පමනක් මෙසේ නෛතික නොවන ආකාරයට තම කතෘ අයිතීන් බෙදා හැරෙන URL ඉවත්කිරීම සදහා ඉල්ලීම් මිලියන 224ක් ලැබුනු ඇතර ඒ සදහා ප්‍රථිචාර දක්වමින් මිලියන 222ක් URL ඉවත්කිරීම් තමන් සිදුකල බවත්ය. Pubudu Siriwansa

Posted in Google | Leave a reply

US Weather systems වෙතට Chinese hackers අනවසර පිවිසීමක්…

 තොරතුරු තාක්ෂණය තවදුරටත් හුදකලා භාවිතාවක් නොවීම සාමාන්‍ය කරුනකි. එය සාමාන්‍ය පුද්ගල ජීවිතයට මෙන්ම සාමානය සමාජ ජීවිතයමතටද තීරනාත්මක බලපෑමක් ගෙනෙත හැකි දෛනික අත්‍යාවශ්‍ය භාවිතාවක් වී ඇති බව පිලිබදව කිසිදු තර්කයක් නැති තරම්ය. විටක බහුලව භාවිතාවන මෙහෙයුම් පද්ධතියක නැතිනම් බ්‍රවුසරයක වන දුර්වලතාවයදී ජාතික මට්ටමේ අනතුරු ඇගවිමක් ගෙනෙන්නට සමහර රජයන්ට සිදු වන්නේ එබැවිනි.
පලවන නවතම පුවතක් විස්තර කරන්නේ Chinese hackers ක්‍රියාකාරකමක් ඔස්සේ එක්සත් ජනපදයේ National Weather Service වෙතට සාර්ථක පිවිසීමක් සිදුව ඇති බවකි. ගෙවී ගිය September සිට සිදුව ඇතිබවට විස්වාස කරන මෙම ක්‍රියාව පිලිබදව පලමු හෙලි දරව්ව මෙම මාසයේ සිදුව ඇති බවටයි විස්තර කෙරෙන්නේ. network server ඔස්සේ ඇරබි ඇතැයි සැලකෙන මෙහිදී පසුව ක්‍රමයෙන් අනෙකුත් පරිගණක කරා පිවිසුම පැතිර ඇති බව විස්තර කෙරෙනවා. නිකුත්ව ඇති වාර්ථාවලින් malicious software පැතිරවීමක් හෝ දත්ත පැහැර ගැනීමක් විස්තර නොකෙරෙන අතර සිදුවීමේ බරපතාල බවක් පිලිබදවද තොරතුරු තවම හෙලි නොවන බවටයි සටහන් වන්නේ. Pubudu Siriwansa

Posted in Malware | Leave a reply
× How can I help you?